ඇල්ල ප්‍රදේශයට පැමිණ සිටි ෆින්ලන්ත ජාතික 26 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැගුම්හල් හිමිකරුවකු වන සංචාරක මඟ පෙන්වන්නකු ඉකුත් 08 වැනිදා වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
26 හැවිරිදි ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පදිංචි මෙම තරුණිය ජූලි මස 04 වැනිදා ඇල්ල ප්‍රදේශයට සංචාරය කිරීමට පැමිණ තිබේ.
එහි සිටියදී අන්තර්ජාලය මගින් වැල්ලවාය ප්‍රදේශයේ සෙල්ලබා 11 පාර යාලබෝව පදිංචි සංචාරක මග පෙන්වන්නෙකු වන “බින්දු” නමින් හඳුන්වන සංචාරක මඟපෙන්වන්නාට අයත් නවාතැන්පොළෙන් කාමරයක් වෙන් කරවා ගෙන ඇත.
අනතුරුව සංචාරක මග පෙන්වන්නා විසින් ඇය මෝටර් රථයකින් වැල්ලවායට කැඳවාගෙන ගොස් තිබේ.
අනතුරුව ඇය ප්‍රදේශයේ ඔහු සමග සංචාරය කර රාත්‍රී නවාතැන් පොළට පැමිණ ඇත.
රාත්‍රී නවයට පමණ සැකකරු සමග බියර් සහ අරක්කු පානය කර තිබේ.
අනතුරුව ශරීරය මසාජ්කිරීම සඳහා තෙල් බෝතල් තුනක් සමග පැමිණ සැකකරු ඇය මසාජ් කිරීමට යැයි පවසා ස්ත්‍රී දූෂණයට ලක්කර ඇත.
අතවරයට පත් ෆින්ලන්ත කාන්තාව කිසිවක් කරකියාගත නොහැකිව සිටියදී ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ පැමිණ ඇයට සහ සැකකරුට කොස්සකින් පහරදී ආරවුලක් ඇති කර ගෙන තිබේ. ආරවුල පිළිබඳව පොලිසිය දැනගැනීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වන අතරතුරදී ෆින්ලන්ත කාන්තාව ඇයට වූ අතවරය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියට සම්බන්ධ 41 හැවිරිදි සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අතවරයට පත්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක