එංගලන්ත ලයන්ස්ලා කඩුලු 2ක් අතැතිව ලකුණු 222ක් පෙරමුණ ගනිති

211

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (26 දා) දිනය නිමාවන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු දෙකක් අතැතිව ලකුණු 222ක් ඉදිරියෙන් සිටියේය. ඒ වන විට ඔවුහු කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා සිටියහ.

ඊයේ තේ පානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ඞෂ කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 355 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත ලයන්ස් පිලට ලබා දුන්නේය.

දිවා ආහාරයට පෙර ශතකයක් ලබා සිටි නිශාන් මදුශ්ක ඊයේ දිනයේදී එය ලකුණු 150 සීමාවට රැගෙන එන තෙක් එංගලන්ත ලයන්ස් කිසිදු පන්දු යවන්නකු ඔහුව දවා ගැනීමට අසමත්විය.

මදුශ්කගේ නොබිඳුණු ලකුණු 150 ක ඉනිම සඳහා ඔහු මුහුණ දී තිබුණේ පන්දු 158 ක් පමණි. ලබාගත් ලකුණු 150 න් ලකුණු 102 ක්ම හයේ (1) සහ හතරේ (24) පහර වලින් රැස් කිරීමට මදුශ්ක සමත්වීම කැපී පෙණිනි.

නායක සහන් ආරච්චිගේ (25), දුනිත් වෙල්ලාලගේ (13), සහ ජනිත් ලියනගේ (00) අඩු ලකුණුවලට දැවී ගිය පිතිකරුවන් බවට පත්වූහ.

දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ඞෂ කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 263 ක් ලබා එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ප්‍රබල පිළිතුරක් ලබාදීමට සමත්වූහ.

දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ ත්‍රිත්ව ශතකයක්ද සමගින් ලකුණු 1000 සීමාව ඉක්මවාලීමට සමත් වූ නිශාන් මදුශ්ක ජැක් කාර්සන්ගේ පන්දුවක් හමුවේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණ එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ශතකය සම්පූර්ණ කරගත්තේය. මුහුණ දුන් 113 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා දිවා භෝජනය වන විට ලකුණු 119 ක් ලබා අනෙක් අන්තයේ රැඳී සිටියේය.

ශතකයට ලකුණු 07 ක් තිබියදී ඉවසීම ඉහවහා යෑම නිසා සීමා ඉරෙන් ඉදිරියට පැන එල්ල කරන ලද පහර ලෝන් ඕන් කලාපයේ සිට රැකගැනීම නිසා ළහිරු උදාරගේ ඉනිම ලකුණු 93 කදී නිමාවට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment