ශාරීරික අභියෝගතා සහිත ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට

116

ශාරීරික අභියෝගතා සහිත ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ ශාරීරික අභියෝගතා සහිත ක්‍රිකට් කණ්ඩායම අතර ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති පන්දු වාර 20-20 ක්‍රිකට් තරග තරගාවලිය 3 – 0 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26 වෙනිදා) අලුයම එම ජයග්‍රාහී කුසලානය රැගෙන දිවයිනට පැමිණියේය.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ. අයි.- 278 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා හිටපු අමාත්‍ය සරත් වීරසේකර, ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ලක්ෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අපට පුපුහුණුවීම් සඳහා අපහසුතා ඇති වී තිබෙන විට අපට ශ්‍රී ලංකා නාවික හමුදා සහ යුද හමුදා ක්‍රීඩා පිටි ලබා දුන්නා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ ආහාර සහ පෝෂණය පිළිබඳ වගකීම භාර ගනිමින් ඒවා සම්පාදනය කළා.

එමෙන්ම ප්‍රධාන පුහුණුකරු නුවන් සොයිසා, ප්‍රධාන උපදේශක අනූෂ සමරනායක යන මහත්වරුන් මුදල් නොගෙන ස්වෙච්ඡාවෙන් එම කටයුතුවල නියැලෙමින් අපිට සහාය දැක්වූ බව ද ප්‍රශංසා මුඛයෙන් පැවසීය.

එසේම මීළඟ ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද නියමිත බවද ලක්ෂාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment