19න් පහළ යෞවනයෝ ජූනි සහ ජූලි එංගලන්ත තරග සංචාරයක

77

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූනි සහ ජූලි මාසයන්හි දී එංගලන්ත තරග සංචාරයකට එක්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

අදාළ තරග සංචාරය සඳහා එක්දින තරග 3ක් සහ සිවු දින ක්‍රිකට් තරග දෙකක් ඇතුළත් වේ.

පළමු එක්දින තරගය ජූනි මස 28 වැනිදා චෙම්ස්ෆීල්ඩ්හි කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

දෙවැනි තරගය ජූලි මස 1 වැනිදා සහ තෙවැනි තරගය ජූලි මස 3 වැනිදා, දිවා තරග ලෙසින් පැවැත්වීමට නියමිතව තිබේ.

එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පළමු සිවුදින තරගය ජූලි මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා වෝර්ම්ස්ලිහිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය ජූලි 16 සිට 19 දක්වා චෙල්ටනම්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එම තරගවලට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පුහුණු එක්දින තරගයක් සඳහා ද එක් වීමට නියමිතව තිබේ. එම තරගය ජූනි මස 25 වැනිදා ලොක්බර්ග් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment