2019 අප්‍රේල් 21 උදෑසන පාස්කු දා අපරාධයට වසර 4 යි!

157

මිනිස් ජනපවුර සහ විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙයි
දේවස්ථාන අසලට විශේෂ ආරක්‍ෂාවක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී අදට (21 දා) වසර හතරක් ගතවීම නිමිත්තෙන් සත්‍යය සහ යුක්තිය ඉල්ලා ගොඩනැගෙන මිනිස් ජනපවුර සහ විශේෂ දේව මෙහෙයන් අද පෙරවරු 7.00 සිට දිවයින පුරා පිහිටි දේවස්ථාන ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව අද පෙරවරු 7.00 ට විශේෂ දිව්‍ය පූජාව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ වේ. විශේෂ දේව මෙහෙය පෙරවරු 10.00 ට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍ය සහ යුක්තිය ඉල්ලා පෙළගැසෙන මිනිස් පවුර පෙරවරු 8.15 සිට 8.45 දක්වා ප්‍රධාන දේවස්ථාන අසල ඇති මහාමාර්ගයේදී පැවැත්වේ.

මෙම මිනිස් පවුරින් පසු පෙරවරු 8.45 සිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරනු ලබයි.

මෙම වැඩසටහන් හේතුවෙන් අද දිනයේ දිවයින පුරා පිහිටි ප්‍රධාන දේවස්ථාන අසලට විශේෂ ආරක්‍ෂාවක් යොදා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් කුමාරසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (20දා) පැවැසීය.

එසේම මීගමුව සහ කොළඹ පොලිස් බල ප්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment