2023දී බස් රථ 500ක් ගෙන්වීමේදී මිලියන 3100ක වංචාවක් වෙලා

7

අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

2023 වර්ෂයේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පමණක් බස් රථ පන්සියයක් ගෙන්වීමේදී රුපියල් මිලියන 3100ක වංචාවක් සිදුව ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (24දා) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම බස් රථ ගෙන්වීම සඳහා 2018 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇතත් 2020දී ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ආසන 54 සහ ආසන 35 වශයෙන් බස් රථ 600ක්, එනම් බස් රථ 100ක් වැඩිපුර ගෙන්වීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. 2023දී එම ක්‍රියාවලියෙන් බැහැරව ඇමැති මණ්ඩල අනුමැතියෙන් පමණක් බස් රථ 500ක් (ආසන 32ක් සහිත) ගෙන්වීම සඳහා ඩොලර් එක්කෝටි තිස්තුන් ලක්ෂ එකළොස් දහස් දෙසිය පනහක්, එනම් එක් බස් රථයක් සඳහා මිලියන 11.2ක් වැයකර ඇති බවත් එය 2018 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා මිලියන 6.2ක වැඩිවීමක් බවත් විගණන වාර්තාව පෙන්වා දී තිබූ බව ද සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා කියා සිටියේය.

සුජීව තත්සර


advertistmentadvertistment