රෝගියකු මියගියැයි කිපී පිරිසක් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයකුට පහරදීලා

110

තිදෙනෙක් දැලේ

ඌව පළාත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානි සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයේදී පිටස්තරින් පැමිණි පිරිසක් පහරදුන් බවට ඒ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වයස අවුරුදු 20-25 පමණ වූ බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකි.

බදුල්ල කණුපැලැල්ල පදිංචි අවුරුදු 17 පමණ වූ වයසැති තරුණියක් ගෙළ වැලලාගෙන සිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාම සම්බන්ධයෙන් විශාල පිරිසක් පැමිණ ප්‍රශ්න කොට තමා සමග බහින්බස්වී පහර දුන් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

සැකකරුවන් තිදෙනා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායක මහතා පැවැසූ අතර විවිධ පැමිණිළි අංශයේ ස්ථානාධිපති ප්‍ර. පො. පරීක්ෂක චන්ද්‍රසේකර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment