76 වැනි බ්‍රැඩ්බි කුසලානය රාජකීය විදුහලට

176

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවති 76 වැනි බ්‍රැඩ්බි කුසලාන රගර් තරගයේ කුසලානය රාජකීය විදුහලට හිමි විය.අද පල්ලෙකැලේ දී පැවැති දෙවැනි තරගයේ දී ත්‍රිත්ව විදුහල ලකුණු 26ක් ද රාජකීය විදුහල ලකුණු 21ක් ද ලබා ගත්හ.පළමු තරගය අගෝස්තු මස 20 වැනිදා කොළඹදී පැවති අතර එහිදී රාජකීය විදුහල ලකුණු 29ක් ලබාගත් අතර ත්‍රිත්ව විදුහලට ලකුණු ලබා ගැනීමට නොහැකි විය.ඒ අනුව තරගාවලිය ලකුණු 50/26ක් ලෙස රාජකීය විදුහල ජය ගැනීමට සමත් විය.


advertistmentadvertistment