92,000 ක් මේ වසරේ රට රස්සාවලට ගිහින් – රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න

187

විදේශ රැකියා සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 92,000 ක සංඛ්‍යාවක් පිටත්ව ගොස් ඇති බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇතැම් රටවල අපගේ ශ‍්‍රමිකයන්ගේ පැමිණීම අත්හිටුවා තිබූ අතර, එම තහනම ලිහිල් කිරීමත් සමග මෙම පිරිසට වැඩිපුර විදේශ ගතවීමට අවස්ථාවක් ලැබී ඇත. රටේ පවත්නා අපහසුතා නිසා විදේශගත වන්නන් වැඩි වී ඇතැයි කෙරෙන චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළ අමාත්‍යවරයා 2018 වර්ෂයේ 211,211 ද, 2019 වර්ෂයේ 203,087 ක් හා 2020 වර්ෂයේ 53,684 ක ප‍්‍රමාණයක් විදේශගත වී ඇති බවද පෙන්වා දුන්නේය. මෙයින් 2020 වසරේ කොරෝනා තත්ත්වය ඉතා උග‍්‍ර වූ කාල පරිච්ෙඡ්දයක් නිසා අඩු සංඛ්‍යාවක් පෙන්නුම් කළ ද වර්තමානයේ එම තත්ත්වය යහපත් වෙමින් පැවතීම මෙම වැඩිවීමට හේතුවක් වී ඇති බව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment