සුරේන් ගුණවර්ධන සභාපති AMF / මර්වින් සලේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී AMF සමාගම
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම 2024 දෙසැම්බර් 31 වැනි දින අවසන් වූ මාස නවයක කාලය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇත.
ලාභය අතින් වාර්තා කර ඇති වර්ධනය, ශේෂ පත්‍ර ශක්තිය, සවිමත් ද්‍රවශීලතාවය වැනි කරුණු ගණනාවක් මෙම මූල්‍ය කාර්යසාධනය සඳහා හේතු සාධක වී ඇති අතර එය AMF සමාගම සතු ක්‍රමෝපායික හැකියාව සහ ප්‍රවේශි අවදානම් කළමනකරණ ශක්තිය තව දුරටත් තහවුරු කරයි.
AMF සමාගම කොවිඩ්-19 වසංගතය සහ 2022 මූල්‍ය අර්බුදය නිසා ඇති වූ අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්වලට ඉතා සාර්ථකව මුහුණ දීමට සමත් වූ අතර සමස්තයක් වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ණය දීමේ කටයුතු විශාල වශයෙන් අඩු වූ කාල සීමාවකදී පවා සිය ණය දීම් වර්ධනය කරගැනීමටත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවය සවිමත් කරගැනීම හරහා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරගැනීමටත් සමත් වීම සුවිශේෂත්වයකි.
AMF සමාගම විසින් අත්පත් කරගෙන ඇති විශිෂ්ට මූල්‍ය සාර්ථකත්වය පෙන්නුම් කරන කරුණු අතරින් බදු පෙර ලාභය (PBT) 133%ක වර්ධනයක් සහිතව එය රුපියල් මිලියන 781 ක් දක්වා ඉහළ නංවා තිබීමත්, බදු පසු ලාභය (PAT) 135%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 393 ක් දක්වා සවිමත්ව ඉහළ ගොස් තිබීමත් සුවිශේෂී වේ.
සම්පත් ප්‍රතිලාභ අනුපාතය (ROE) සහ ශුද්ධ වත්කම් ප්‍රතිලාභ අනුපාතය (ROA) පිළිවෙළින් 5.25% ක් සහ 15.25% ක් වශයෙන් වාර්තා වූ අතර සමාගමේ ප්‍රාග්ධන පදනම අවදානම් මත බර තැබූ වත්කම්වල (ද්වීතියික මට්ටම) අනුපාතයක් වශයෙන් ගත්කළ 15.49% ක් වශයෙන් වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නියාමනය කර ඇති අවම අනුපාතය වන 12.5% ක අනුපාතය පහසුවෙන් ඉක්මවා තිබීම AMF සමාගමේ ලාභදායී බව සහ වර්ධනය මනාව පෙන්වා දෙන්නකි.
AMF සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 20.39 ක් දක්වා වර්ධනය වී ඇති අතර ණය සහ ලැබිය යුතු ආදායම් රුපියල් බිලියන 12 දක්වා වර්ධනය වී ඇත. මෙමගින් සමාගමේ සවිමත් ණය සංචිතය සහ ණය ප්‍රදාන ක්‍රියාවලියේ සාර්ථකත්වය මනාව පෙන්වා දෙයි. තැන්පතුකරුවන් සමාගම මත තබා ඇති විශ්වාසය තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වන බව තහවුරු කරමින් සමාගමේ තැන්පතු වටිනාකම රුපියල් බිලියන 15.46 දක්වා ඉහළ ගොස් තිබීමද විශේෂත්වයකි.