AR තාක්ෂණයෙන් කොළඹදී අත්විඳි සිදුහත් උපත

145

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දාන, ශීල, භාවනා, තොරණ, දන්සල් ආදී විවිධ කටයුතු සංවිධානය විය. කොළඹ වෙසක් බලන්නට පැමිණි බොහෝ දෙනකුගේ ආකර්ෂණයට ලක්වූ අපූරු අංගයක් ගැන සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ මාධ්‍යයන්හි කතා බහට ලක්විය. ඒ AR (Augmented Reality) නම් තාක්ෂණය ඔස්සේ ලංකාවේ ප්‍රථමවතාවට නිර්මාණය කරන ලද සිදුහත් උපත ත්‍රිමාණ අත්දැකීමයි. කොළඹ ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල වටරවුමෙහි සහ ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළදී මෙම නවමු අත්දැකීම විඳිමින් සිදුහත් උපත නවීන AR තාක්ෂණය ඔස්සේ සමීප අත්දැකීමක් බවට පත් කරගනිමින් සිත් පහදා ගන්නට බොදුනුවන්ට හැකි විය.

බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථාවක් වන සිදුහත් උපත AR තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමේදී එදා බෝසතුන් සිය ඉපදීමේදී ලබාදුන් ප්‍රතිඥාව පිළිබඳ මෙහිදී ජනතාවට මතක් කර දෙන ලද අතර පාසල් දරුවන්ට මෙය සුවිශේෂී අත්දැකීමක් විය. QR කේතයක් සිය ජංගම දුරකථනයේ කැමරාව තුළින් Scan කිරීමේදී ජංගම දුරකථන තිරය මත සිදුහත් උපත ත්‍රිමාණ ආකාරයෙන් සජීවිකරණය වන ලෙස මෙය නිර්මාණය කර තිබුණි.

වෙසක් පොහො උදා වූ මැයි මස 23දා ජනතා ප්‍රදර්ශනය සඳහා ආරම්භ කළ මෙම සුවිශේෂී අත්දැකීම මැයි මස 29 වැනිදා දක්වා ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල වටරවුමෙහි සහ ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළදී අත්විඳීමට හැකි බව සංවිධායකයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment