BOC පිට පිට රට තෑගි 3 වැනි අදියරේදී රු. මි. 30ක් වටිනා සුඛෝපභෝගි නිවසක් ඇතුළු තවත් ත්‍යාග ප්‍රදානය කරයි

60
BOC පිට පිට රට තෑගි ප්‍රවර්ධන වැඩසටහනේ තුන් වන අදියරේ ජයග්‍රාහකයා සිය ජයග්‍රහණය සමරමින්

ලංකා බැංකුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන BOC පිට පිට රට තෑගි ප්‍රවර්ධන වැඩසටහනේ 03වන අදියරේ සුපිරි ත්‍යාගය ලෙස රුපියල් මිලියන 30ක් වටිනා අංගසම්පූර්ණ නිවසක් පිරිනැමූ අතර එය දිනා ගැනීමට දකුණු කොරියාවේ සේවයේ නියුතු කේ. කේ. රුවන් චින්තක මහතා සමත් විය. මෙවර ජයග්‍රහණ හිමිකර ගත් රටවිරුවන් සියලු දෙනාටම ලංකා බැංකුව සුබ පැතුම් එක් කරයි.

BOC පිට පිට රට තෑගි 3 වැනි අදියරේදී රු. මි. 30ක් වටිනා සුඛෝපභෝගි නිවසක් ඇතුළු තවත් ත්‍යාග ප්‍රදානය කරයි
පිට පිට රට තෑගි 3වන අදියරේ පුපිරි ත්‍යාගලාභී කේ. කේ. රුවන් චින්තක මහතා සහ පවුලේ සාමාජිකයින් ත්‍යාග ලබමින් …
වමේ සිට : සහකාර මහා කළමනාකරු (ජාත්‍යන්තර) රංජිත් රුවන්පතිරණ මහතා, සහකාර මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ සහ ශාඛා ණය මෙහෙයුම් අදියර II ) ආර්. එම්. එන්. ජීවන්ත මහතා, ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහතා, සහකාර මහා කළමනාකරු (ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන) ජී. ඒ. ජයශාන්ත මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක මහතා සහ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී ඩබ්ලිව්. පී. රසල් ෆොන්සේකා මහතා.
BOC පිට පිට රට තෑගි 3 වැනි අදියරේදී රු. මි. 30ක් වටිනා සුඛෝපභෝගි නිවසක් ඇතුළු තවත් ත්‍යාග ප්‍රදානය කරයි
පිට පිට රට තෑගි 3වන අදියරේ දී රුපියල් 100,000/- ක් වටිනා තෑගි වවුචරය ජයග්‍රහණය කළ ජසින්තා බියටි්‍රස් මහත්මිය තමාට හිමි ත්‍යාගය ලබා ගනිමින් … වමේ සිට (ලංකා බැංකුව නියෝජනය කරමින්) : කඩවත සුපිරි ශ්‍රේණියේ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ධනුෂ්ක ලියනගුණවර්ධන මහතා, නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යපාර පුනර්ජීවන හා ප්‍රතිස්ථාපන ඒකකය) එස්. සිවන්ජන් මහතා,’නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා, නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්) කේ. ඒ. ඩී. විජයවර්ධන මහතා සහ සහකාර මහා කළමනාකරු (අලෙවි) බුද්ධික ප්‍රේමරත්න මහතා.
advertistmentadvertistment
advertistmentadvertistment