Ceylon International Film Festival – සම්මාන රාත්‍රිය දා

270

හොඳම චිත්‍රපටය – ද නිවුස් පේපර්ස්

ඇමෙරිකාවේ කැලිෆෝනියා හි සැන්ටා බාබරා කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලද .ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට උළෙල හා සම්මාන ප්‍රධාන උළෙල. වන Ceylon International Film Festival (CEYIFF) හි .ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන් ඇගයීමේ සම්මාන රාත්‍රිය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් හා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ආධුනිකයන් පිරිවරා ගනිමින් ඉකුත් 10 වැනිදා කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘සිනේස්ටාර් පදනම’ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවන්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ උළෙල සංවිධානය කර තිබිණි.

මෙහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය බන්ධුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද .ද නිව්ස් පේපර්ස්. චිත්‍රපටයට හිමි වූ අතර හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ද නිව්ස් පේපර්ස් චිත්‍රපටය වෙනුවෙන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර දෙපළ විසිනි.

Ceylon International Film Festival - සම්මාන රාත්‍රිය දා

හොඳම නිළියට හිමි සම්මානය සුනාමි චිත්‍රපටයේ රඟපෑ නිරන්ජනී ශන්මුගරාජා විසින් මෙහිදී දිනාගන්නා ලද අතර හොඳම නළුවාට හිමි සම්මානය .ද නිව්ස් පේපර්ස්. චිත්‍රපටයේ රඟපෑ සරත් කොතලාවල විසින් හිමිකර ගන්නා ලදී.

හොඳම සහාය නිළියට හිමි සම්මානය සුනාමි චිත්‍රපටයේ හිමාලි සයුරන්ගිට හිමිවිය. හොඳම සහාය නළුවා .ද නිව්ස් පේපර්ස්. හි රඟපෑ කුමාර තිරිමාදුරයි.

සම්මාන උළෙලේදී හොඳම තිර රචනයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ජයන්ත චන්ද්‍රසිරි විසිනි. ඒ ඔහු තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද ‘ඝරසර්ප’ චිත්‍රපටය වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ නොවන සත් දෙනකුගෙන් යුත් විදේශීය විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාපත් කරගන්නා ලද මෙම ජයග්‍රාහී ලැයිස්තුව සඳහා විදේශීය චිත්‍රපට 300 කට අධික ප්‍රමාණයක් සලකා බලා තිබුණු අතර හොඳම සජීවීකරණය හොඳම වාර්තාමය චිත්‍රපටය ඇතුළු සම්මාන කිහිපයක් විදේශීය සිනමාකරුවන් විසින් දිනාගෙන තිබූ අතර එම සම්මාන 2022 ජුනි මසදී ඇමෙරිකාවේ සැන්ටා බාබරා හිදී පවත්වන ලද ප්‍රධාන සම්මාන උළෙලේදී පිරිනමා තිබිණි.

Ceylon International Film Festival - සම්මාන රාත්‍රිය දා

මෙම සම්මාන රාත්‍රියේදී ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සම්මාන ද්විත්වයකින් ප්‍රවීණ රංගනවේදීනී අයිරාංගනී සේරසිංහ සහ ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරී ලතා වල්පොල යන මහත්මීන් පිදුම් ලද අතර ඇගයීම් සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතින් සිදුකරනු ලැබුවාය. .සිනමාවේ කාන්තාව. සම්මානයෙන් රේණුකා බාලසූරිය මහත්මිය පිදුම් ලැබුවාය. ජූරියේ විශේෂ සම්මානය හිමි වූයේ .සුනාමි. චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය සෝමරත්න දිසානායක සිනමාවේදියාටය.

Ceylon International Film Festival - සම්මාන රාත්‍රිය දා

තවද සම්මාන රාත්‍රියේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය සම්මානය ද නිව්ස් පේපර්ස් වෙනුවෙන් ගයාත්‍රී කේමදාස විසින් දිනාගනු ලැබුවාය. හොඳම සංස්කරණය .සුනාමි. වෙනුවෙන් අජිත් රාමනායකටත් හොඳම කැමරා අධ්‍යක්ෂණය සම්මානය ඝරසර්ප හි ප්‍රභාත් රෝෂන් විසිනුත් හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය මාධව තිරිමාන්න විසිනුත් හිමිකර ගන්නා ලදී.

Ceylon International Film Festival - සම්මාන රාත්‍රිය දා

මෙහිදී Ceylon International Film Festival (CEYIFF)හි නිර්මාතෘ සහ සභාපතිනි අරුණි බොතේජු හා CEYIFF‍ හි වැඩසටහන් අධ්‍යක්ෂ සුදේශ් මානගොඩගේ අදහස් දක්වමින් ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන්ට හොලිවුඩ් සිනමාව දක්වා මාර්ගය විවෘත කරදීම මෙම සිනමා උළෙලේ අරමුණ බව පැවසූහ. සිනේස්ටාර් වෙනුවෙන් කිෂූ ගෝමස් මහතා අදහස් දැක්වූ අතර සම්මාන උළෙලේ නිර්මාණ අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවකු වන විනෝයි – ජයසිංහ වීරක්කොඩි විසින් සිදුකර තිබූ අතර” ඔහුගේ සහායෙන් සැලසුම්කරණය කර” ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරන ලද සියලු සම්මාන ඵලක ඇමෙරිකාවේ සැන්ටා බාබරා හිදී පැවති චිත්‍රපට සම්මාන උළෙලේදී සහ කොළඹදී පැවති සම්මාන උළෙලේදී දෙස් විදෙස් සිනමාකරුවන්ට ප්‍රදානය කිරීමද මෙම උළෙලේ විශේෂත්වයකි.

ජගත් කණහැරආරච්චි
ඡායා – ලක්ෂ්මන් පන්තියදේව

advertistmentadvertistment
advertistmentadvertistment