කෝවිල් වලින් කෝටි ගණනක පිළිම සොරාගෙන

204


යාපනයේ කන්කසන්තුරේ කෝවිල් වලින් රුපියල් කෝටි හතරකට වඩා වටිනාකමක් ඇති විවිධ ආකාරයේ පිළිම 19 ක් හොරකම් කළ පුද්ගලයෙකු කන්කසන්තුරේදී යුද හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අද යාපනය තෙලිප්පලෙයි පොලීසිය වෙත බාර දී ඇත.
එම කෝවිල් වල බාරකරුවන් සිය කෝවිල් වලින් වටිනා පිළිම අතුරුදහන් වී ඇති බවට පොලීසි වලට පැමිණිලි කොට තිබියදී යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදී හොරකම් කරණ ලද එම පිළිම හමු වී තිබේ.
සැකකරු මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තෙලිප්පලෙයි පොලීසිය පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment