ත‍්‍රස්ත මර්දන පනතේ සිරකරුවන් කල්තියා නිදහස් කිරීම අපි සාදරයෙන් පිළිගන්නෙමු
– ඇමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස්
ශ‍්‍රී ලංකාවෙන් පිටව යෑමට පෙර ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මෙලෙස සතුට පළකර ඇත්තේ කොටි ඝාතකයන් හෙවත් යුද අපරාධකරුවන් පිරිසක් වත්මන් රජය නිදහස් කිරීම ගැනය.
නඩු ගොනුකර තිබූ මේ කොටි මිනීමරුවන් 16ක කණ්ඩායම කවුද?
ඔවුන් සිරගතව සිටියේ කුමන චෝදනා මතද? ඉරිදා දිවයින අද හෙළි කරන්නේ සිරගතව සිටි හිටපු කොටි ත‍්‍රස්තයන් ගැනයි.
යුද අපරාධ චෝදනා එල්ල වී නිදහස් වූ එම කොටි කණ්ඩායම මෙසේයි. සසිවන් සන්තියාකු-
සුරේෂ් රාගවන් – සිරිල් රාසමානි – එම්. එම්. අබ්දුල් සිලම් – රමේෂ් ස්ටාලින් සන්දන්් – ජුලියන් එඞ්වර්ඞ් කබ්රාල් – සරවනබවන් නඩරාජා – අරවින්දන් පුරසෝත්තම් – තබෝරූබන් රාසපලාවන් – ජෙගන් රාසතුරෙයි – කලියන් සිවංලිංගම් – ජිවොගන් සූරියමුර්ති – සිවප‍්‍රකාෂන් සිවසීලන් – මදින් මයිල්වාහනම් – ජෙය චන්ද්‍රන් සූරියකාන්ති- රමේෂ් විශ්වනාදන්
මෙම හිටපු කොටි ත‍්‍රස්තයන්ගෙන් 15ක් රඳවා තිබුණේ අනුරාධපුර සිරගෙදරය. එක් කොටියෙක් යාපනය සිරගෙයි රඳවා තිබුණි.
මෙයට කලකට පෙර යාපනයේ සිට කොටි හිතවාදීන් කණ්ඩායමක් පා ගමනින් අනුරාධපුර සිර ගෙයි සිටි කොටි කණ්ඩායම බැලීමට අනුරාධපුරයට පැමිණිය හ. ඉන් පසු ජනාධිපතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් නැමැත්තා සිරගතව සිටින කොටි කණ්ඩායමක් නිදහස්කර ගැනීමේ ඉල්ලීමක් අගමැති මහින්ද රාජපක්‍ෂ වෙත භාරදීමට ක‍්‍රියා කළේය. ද්‍රවිඩ සන්ධානය මේ කොටි ඝාතකයන් හඳුන්වනු ලැබුවේ දේශපාලන සිරකරුවන් ලෙසිනි. එහෙත් නිදහස් වූ මේ කොටි ත‍්‍රස්තයන් එකෙකුවත් දේශපාලන සිරකරුවන් නොවේ.
මේ පසුබිම මැද ලක්‍ෂ 69ක් ජනතාව ඡන්දය භාවිත කළේ මේ කොටි මිනීමරුවන් නිදහස් කිරීමට නොවේ. ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනා තුනක් ඉදිරිපත්ව තිබියදී මෙම කොටි 16ක පිරිස නිදහස් විය.
මෙම කොටි මිනීමරුවන් නිදහස් කළත් යුද හමුදාවේ නිලධාරින් 28කට එල්ල වූ යුද අපරාධ චෝදනාවලින් ඔවුන් නිදහස් වී නැත.
මෙලෙස සිර භාරයෙන් නිදහස් වූ කොටි සිදු කළ අපරාධ කුමක්ද? ජනතාවගේ අවධානය උදෙසා අපි එම තොරතුරු හෙළි කරන්නෙමු.
1. අනුරාධපුර මහාධිකරණ
– නඩු අංක – 78/20/14
රාසමාලන් තබෝරූබන් හෙවත් කඩල් චෙන්නායි අත්අඩංගුවට ගනු ලැබූ දිනය 03.08.2007
චෝදනා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ගුවන් හමුදා භටයන්ගේ මරණ සිදු කිරීම, ගුවන් හමුදා කඳවුරට බරපතළ හානි සිදු කිරීම.
2 අරවින්දන් පුරාශෝත්තම් හෙවත් සෙව්පරන්චි
22. 07 2009 හා අත්අඩංගුවට ගැනුණි.
චෝදනා – අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීම සැලසුම් කිරීම සහ භටයන්ගේ මරණ සිදු කිරීම.
3) මුත්තු මරික්කාර් අබ්දුල් ෂාලිං – 13.12.2011 අත්අඩංගුවට ගෙන ඇත.
චෝදනා – 27.06.2006 විල්පත්තු වනෝiානයේදී සිවිල් වැසියන් 7කගේ මරණය සිදු කිරීමට පිපිරීමක් ඇති කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම.
මෙම සිවිල් වැසියන් අතර ගත්කතුවරයකු සුපිරි හෝටලයක ප‍්‍රධානියකු සහ ඔහුගේ බිරිය ද විය.
ඔවුන් ගමන් කළ වාහනය බිම් බෝම්බයකින් විනාශ විය.
2011 වසරේ දෙසැම්බර් 12 වැනිදා මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
4) රමේෂ් ස්ටැනිස් සන්දන් – විල්පත්තුවේ බෝම්බ පිපිරීම්වල සම්බන්ධ විය. සිවිල් වැසියන් 7 දෙනාගේ මරණවලට ද ඔහු වගකිවයුතු බව හෙළි වී 2011 අපේ‍්‍රල් 9 දා අත්අඩංගුවට පත් විය.
5) සුරේෂ් රාගවන් විල්පත්තු පිපිරීමට සම්බන්ධ වූවෙකි. 2011 දෙසැම්බර් 10 දා අත්අඩංගුවට ගෙන ඇත.
6) නල්ලන් සිවලිංගම් විල්පත්තු වනෝiානයේදී හමුදා භටයන් 37කගේ මරණ සිදු කිරීමට සහාය වූවෙකි. 2010 සැප්තැම්බර් 10 දා අත්අඩංගුවට ගෙන තිබුණි.
7) පේයචන්ද්‍රන් සූරියකාන්ත – ත‍්‍රස්ත ක‍්‍රියා සම්බන්ධයෙන් 2010 ඔක්තෝබර් 25 දා අත්අඩංගුවට ගෙන ඇත.
ත‍්‍රස්ත ක‍්‍රියා සිදු කිරීමට සහාය වීමේ චෝදනා එල්ල විය.
8) සිරිල් රාමසාමි විල්පත්තු පිපිරීම්වලට සම්බන්ධ වූවෙකි. 2011 දෙසැම්බර් 11 දා අල්ලාගනු ලැබීය.
9) සිව ප‍්‍රකාශන් සිවසීලන් විල්පත්තුව වනෝiානයේදී හමුදා නිලධාරියකු ඇතුළු භටයන් 7කගේ මරණවලට සම්බන්ධ වූවෙකි. 26.08.2009 දී මොහු අත්අඩංගුවට ගැනුණි. මෙලෙස අනුරාධපුර සිරගෙයි සහ යාපනය සිරගෙයි සිටි කොටි 16ක් පමණක් නිදහස් වූයේ මන්ද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. මෙම කොටි ඝාතකයන් නිදහස් වීමට පැය 24කට පෙර දේශපාලකයන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවේදී ඔවුන් වෙනුවෙන් හඬ න`ගා ඇත. යාපනයේ සිට අනුරාධපුර සිරගෙය වෙත පැමිණි කොටි හිතවාදීන් පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ මෙලෙස නිදහස් වූ කොටි ත‍්‍රස්තයන්ය. එහෙත් තවත් කොටි හලාවත, කොළඹ, වව්නියාව සහ නුවර යන සිරගෙවල්වල සිටින කොටි ත‍්‍රස්තයන්ව බැලීමට එකී කොටි හිතවාදීන් පැමිණියේ නැත. බුද්ධි අංශවලට අවබෝධ නොවූවත් අනුරාධපුර සිරගෙයි සිටියේ ප‍්‍රබල කොටි බව ඉන් සනාථ නොවන්නේද?
එසේම අනුරාධපුර සිරගෙයි සිටි තබෝරූබන් ඇතුළු කොටි කණ්ඩායම උපවාසයක් පවා ආරම්භ කර තිබුණි.
පසුගිය යහපාලන සමයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ද මෙරටට පැමිණීමෙන් පසු එම රජයේ බලධාරීහු ත‍්‍රස්තයන් හමු වී ඔවුන්ගේ ප‍්‍රකාශ පටිගත කිරීමට ඉඩ දුන්නේය. එසේම රැඳවුම්කරුගේ සිට කොටි මිනීමරුවන්ගේ නාම ලේඛනයක් ද්‍රවිඩ වාර්තාකාරියකට ලබාදීමට ද අධිකරණ බලධාරීහු ක‍්‍රියා කළහ.
එම නාම ලේඛනය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද ලැබී තිබුණි. 2017 ජුලි මස දී අනාවරණය වූ මේ නාමලේඛනය නිසා සිරගතව සිටින්නේ කවුදැයි කොටි ඩයස්පෝරාව දැනගෙන ඇත.
මේ අතර නිදහස් වූ සූරියකාන්ති පේයචන්ද්‍රන් යාපනයේ සිටින ලන්ඩන් කොටි වෙබ් අඩවියක වාර්තාකරු අමතමින් තමාව බොරු චෝදනා මත රඳවා ගෙන සිටි බවත් තවත් එවැනිම සිරකරුවන් සිටින බවත් ප‍්‍රකාශකර ඇත. රඳවාගෙන ඇති සිරකරුවන් කිසිදු අපරාධයක් සිදු කර නැති බවත් ජෙයචන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ. මෙලෙස නිදහස් වූ ජෙයචන්ද්‍රන්ට නියමව තිබූ සිරදඬුවම් කාලය තවත් මාස 11ක් දක්වා තිබුණු බව අනාවරණය විය. මෙකී කොටි කණ්ඩායම ජනපති සමාව ලැබී නිදහස් වීමට මාස ගණනකට පෙර කොටි නැව් මෙහෙය වූ වින්නන් ත‍්‍රස්ත මර්දන ඒකකයන් තුළ රඳවා සිටි බව අනාවරණය විය. වින්නන්ට ත‍්‍රස්ත මර්දන ඒකකයේ කලින් සිටි බලධාරින්ගෙන් සැලකිලි ලැබුණි. ඔහුගේ උදේ තේ එක සහ උදේ ආහාරය නිවසින් ලබා ගැනීමට ද නිදා ගැනීමට ඇඳක් සහ මදුරුදැලක් ද සපයා තිබුණි.
මේ කොටි නැව් මෙහෙයවන්නා හිටි හැටියේ නිදහස් විය. මේ ගැන ත‍්‍රස්ත මර්දන ඒකකයේ සිටි අනිකුත් සිරකරුවෝ විශ්මයට පත් වූහ. ඊට හේතුව වූයේ ත‍්‍රස්ත මර්දන ඒකකය තුළ එවකට පොලිස් මුදලාලිලා කීපදෙනෙක් සිටීමයි. එහෙත් යහපාලන රජය හෝ වත්මන් රජය මේ මුදලාලිලා ගැන විමර්ශනය කළේ නැත.
මෙවන් පසුබිමක මැද කොළඹ සහ හලාවත සිටින ඉතිරි කොටි ත‍්‍රස්තයන් කණ්ඩායමද නිදහස් වේද?
වැලිකඩ සිටින කොටි කණ්ඩායම මෙසේය.
මුත්තයියා ඉසිරේ ආරෝක්ක්‍ය නාදන් සිවලිංගම් අරුන් නිල්වාල්, සිවන්දරාජා ශ‍්‍රී පද්මනාදන්, අයියර් සෙල්වචන්ද්‍රන් චන්ද්‍ර බෝස්, කන්දවන් ගෝකුල නාදන්, ජිවරාම් රාමනාදන් හෙවත් රමේෂ් තම්බයියා ප‍්‍රකාෂ් ධර්මලිංගම් ප‍්‍රකාශ් ෂන්මුගලිංගම් සූරියකුමාර්, අබ්දුල් හමීම්, උමාර් ශන්ගයි , ශන්මුගනාදන් දේවගන්, පාත්‍යන්දන් ජුරියන්, නිර්මාල් බෙනඩික් දේවදාස්, ස්ඩන් සිවදාස්, රාමදාන් සිවරාම් හෙවත් තම්බි මැල්කම්, ටිරෝන් හෙවත් සුසන්ත එන්. කුගදාසන්, සාත්තිනාදන්, ආනන්ද , සුදාකරන් කාලිංගම් විජේකුමාර්, ටේගාස් ලක්‍ෂිවන්, කන්දමේන් ශකීලා, රාජන් හෙවත් මොහොමදු අක්බාර්, මොහමදු සාදික් හෙවත් පිරම්බිලාගේ සමන්ත හෙවත් කණ්ඩවේලූ විජයකුමාර් හෙවත් මදුර හෙවත් සාදික්, සුප‍්‍රමනියම් සුමේන්ද්‍ර රාජා හෙවත් කාරන් වේළු යෝගරාජන් සිමියොන් කන්දිරිසෝති, සින්නරාජන් පාකිනාදන්, සුන්දරලිංගම් තේදිස්වරන්, වයිරමුත්තු සරෝජා, ඒ. අරුල්ප‍්‍රකාශ් එම්. සුලක්ෂණ්, එන්. මදන්සේකරන් එස්, නිල්ලරාජ් එන් සෙන්දුරන්, අයි රාමසාමි, ක‍්‍රිෂ්ණනාදන් වීරකුමාරන් රගුලන් දේවරාසා සිවපාලන් රාසයියා දේවරාසන්, මොහිදින් බාවා තන්ගවේලූ කුමාරන් රගුලන් දේවරාසා, සිවපාලන් රාසයියා දේවරාසන්, මොහිදින් බාවා තංගවේලූ සිමිකුමාර් සෙල්වන් ආනන්දරාජා, එඞ්වඞ් සාමි ශිවලිංගම්, ඔන්වූර් මොනැක් කාලිඅප්පන් , මනෝරාජන් තෝමියන්, රූපස් සුන්දරන් මාන,ි කේ වේදනාරායම්, ජ්. කිරාබන්දන්, වේරුගෝපල් කන්දරාජා, සර්වන බවන් , ආර්. කනගරාගවන්, එස්. චන්ද්‍රකාන්තන් , එස්. ක‍්‍රිශාන්ත රාජා, රවින්ද්‍රන් මද්හානි, මුත්තුසිවම් සිවනාදන් , එස් මොහෝබරන් කේ. ආදිත්‍යයන්, තංගවේලූ තිරප්ලන් ,යෝගරාජා , නිර්බලන් හෙවත් ස්ටාර් විශ්වනාදන් ,රටේෂ්කුමාර් රාමනාදන් කව්දීපන් ජී. දර්ශන්. මෙම කොටි ත‍්‍රස්තයන් අතර ප‍්‍රබලයා සෙල්වරාජා කුරුබාකරන් හෙවත් මොරිස් නැමැත්තායි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී තමා අසල සිටි බවට හෙළි කළේ මොරිස් ගැනය. 2009 නොවැම්බර් 08 වැනිදා අසු වූ මොරිස් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීම සහ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ඝාතනය කිරීමට සම්බන්ධ වූවෙකි. මොරිස් ගැන තොරතුරු හෙළි කළේ සේරා අම්මාන් නැමැති කොටියායි. ඔහු ත‍්‍රස්ත මර්දන ඒකකයේ සාක්කිකරුවකු වී නිදහස් විය.
මෙලෙස තවදුරටත් රඳවාගෙන සිටින හිටපු කොටි ත‍්‍රස්තයන්ට එරෙහිව අනුරාධපුරයේදී ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු සිවිල් වැසියන් 26 ක් ඝාතනය කිරීමට සහය වීම. හිටපු අමාත්‍ය ද. මු. දසනායක ඝාතනය සඳහා සැලසුම් කිරීම, මගින් 26 ක් රැගත් බස්රියක් පිපිරවීම, මගින් 28 ක රැගත් බස්රියකට ක්ලේමෝ බෝම්බයක් ඇටවීම, පොලිස් භටයන් සිව් දෙනෙක් ඝාතනය කිරීමට සහය වීම, ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම, පොල්ගොල්ල ප‍්‍රදේශයේදී බස්රියක් පිපිරවීම විල්පත්තුවේ හමුදා නිලධාරීන් අට දෙනෙක් ඝාතනය කිරීමට සහය වීම, ගාලූ නාවික කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීමට සහය වීම, හමුදා සහ නාවික භටයන් 26 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීමට උදව් කිරීම, එම් අයි 24 හෙලිකොප්ටරයක් ප‍්‍රහාර එල්ල කර වැනසීම, ට‍්‍රාන්ස්පෝමර් සහ දුම්රිය පාලම් පුපුරුවා හැරීමට සැලසුම් කිරීම, ත‍්‍රිකුණාමලයේදී හමුදා සහ නාවික භටයන් 26 ක් ඝාතනය කිරීමට සහය වීම යන චෝදනා එල්ල වී තිබේ.
මෙම කොටි ඝාතකයන්ව ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ රාජය නොවන සංවිධාන විසින් හඳුන්වා ඇත්තේ කොටි ත‍්‍රස්තයන් ලෙස නොව දේශපාලන සිරකරුවන් ලෙසිනි. මෙයට පෙර කොටි වාන්පුලිගල්් ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන් හෙවත් දර්ශන් මාස්ටර් මැලේසියන් රාජන්, ප‍්‍රදීප් මාස්ටර්, ත‍්‍රිකුණාමල හිටපු කොටි නායක සුබයිර් ත‍්‍රිකුණාමල කොටි හමුදානායක පදුමන් ඇතුළු ප‍්‍රබල කොටි නිදහස් වූහ. එසේම ප‍්‍රනරුප්ථාපන කඳවුරේ සිටි කොටින්ගෙන් මුදල් ඇති කොටි 200කද ට අධික සංඛ්‍යාවක්ද නිදහස් විය.
එසේම ශ‍්‍රී ලංකාවේ පොලිසියට අවශ්‍ය කර සිටි කොටි 132 කගේ නාම ලේඛනය ද අබිරහස් අයුරින් ඉන්ටර්පෝල් පොලිසියේ දී අහෝසි විය.
මෙම පසුබිම මැද නිදහස් වූ කොටි 16ක පිරිස් යුද අපරාධ සිදු කිරීම සඳහා අවශ්‍ය නොවේ. මෙලෙස කොටින්ට සමාව ලැබෙද්දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද ඒ ගැන ප‍්‍රසාදය පළ කර ඇත.
ඉන් සනාථ වන්නේ මෙරට හමුදා නිලධාරීන් හැර අපරාධ සිදු කළ කොටි ත‍්‍රස්තයන් මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ සිදු කර ඇති ලේඛනයට ඇතුළත් නොවන බවයි.
මේ අතර ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් හිටපු කොටි නිදහස් වීම ගැන සතුට පළ කර ඇත්තේ එම කොටි කිසිදු ඇමෙරිකානුවකු මරණයට පත් නොකිරීම නිසාය.
යම් ලෙසකින් එම කොටි ඇමෙරිකානුවන් ඝාතනයට සම්බන්ධව වූයේ නම් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඔවුන්ට ගැලවීමට ඉඩ නොදේ. මේ පසුබිම මැද කොටි ඩයස්පෝරාව නිදහස් වූ කොටි විදේශ රටවලට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත. ඒ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්‍ෂි ලබා ගැනීම සඳහායි.
මේ අතර මුදාහරිනු ලැබූ එන්. සිවලිංගම් හෙවත් නල්ලාමි සිවලිංගම්ගේ අතීතය ද අනාවරණය වී ඇත. පලාලි සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ ඇන්ටනෝව් යානාවට විල්පත්තුව වනයේ සිටි මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර එහි ගමන් කරමින් සිටි ආරක්‍ෂක හමුදා නිලධාරීන් සහ පොලිසියේ නිලධාරින්ද රුසියානු කාර්ය මණ්ඩලයේ පිරිස ද ජීවිතක්‍ෂයට පත් වූයේ නල්ලාමි නිසාය.
කොටි සංවිධානයේ මිසයිල බළකායේ ප‍්‍රබලයකු වූ නල්ලාමි සිවලිංගම් එම යානාවට ස්ටේ‍්‍රරලා මිසයිලයක් එල්ල කළ වැනසුවේ තමා බව සහකාර පොලිස් අධිකාරිවරයකු හමුවේ පාපොච්ඡාරණයක් කර තිබුණි. නල්ලාම් සිවලිංගම් හෙවත් සින්තතිලකන් යාපනයේ නිර්වේලිහි පදිංචි කරුවෙකි. මාහුට උතුරු මැද පළාත්බ ද මහාධිකරණය වසර 185ක සිරදඬුවමක් නියම කළ අතර එය වසර පහකින් ගෙවී යන ලෙසද නියම විය.
ඒ අනුව මොහුගේ සිරදඬුවම අවසන් වීමට නියමිත වූයේ 2024 ජනවාරි මසයි ඇන්ටනෝව් යානාවට එල්ල වූ මිසයිල ප‍්‍රහාරය නිසා එම යානාව තලාව වීරවැව ප‍්‍රදේශයට කඩා වැටුණි. එහෙත් එකල ගුවන් හමුදාව පැවසූවේ එය කාර්මික දෝෂයක් නිසා කඩා වැටුණු බවයි. මේ යානාවේ ඒ රෝහණ රුවන් අමරසේකර සඳුන් ජයතිලක එම්. දිමුතු ඇයි එම්. කේ. ඇනන්ද ෂමින්ද සිල්වා යන ලූතිනන්වරුන්ද සිටි බව හෙළි විය. ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් සිවලිංගම් කළ පාපොච්චාරණය නිසා විල්පත්තුව වනයට ගොස් මිසයිල කොපු දෙකද සොයාගෙන තිබුණි. ඇන්ටනෝව් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ප‍්‍රභාකරන් විසින් සිවලිංගම්ව අමතරව ඉරසතුරෙයි හෙවත් ජෙගන් හෙවත් පුලවන් නැමැති ත‍්‍රස්තයා ද යොදවා තිබූ බව පරීක්‍ෂණවලදී හෙළි විය. මේ අතර කොටි ඩයස්පෝරාව සිර භාරයෙන් නිදහස් කර ගැනීමට උත්සාහ කළ රාසවලාවන් තබෝරූබන් කවුද?
ඒ රුපියල් කෝටි 400ක් වටිනා ගුවන් යානා 16 ක් සහ අනුරාධපුර ආරක්‍ෂක අංශ සාමාජිකයන් 14 ක් මරුමුවට පත් කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන විත්තිකරුයි. ඔහු කොටි ගුවන් බළකායේ ප‍්‍රධානියායි. මෙලෙස අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීම මෙහෙය වූ කොටි ගුවන් බලාගාරයේ ප‍්‍රබලයන් දෙදෙනා වූ පුරුසෝගම් අරවින්දන්ද රජය සමාව යටතේ නිදහස් විය.
රජය සමාව යටතේ නිදහස් කිරීමට නම් කළ 8 වැනියා අරවින්දන් වූ අතර නව වැනියා තබෝරූබන්ය. මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම්, කෝටි 400 ක් වටිනා ගුවන් යානා 16 ක් වැනසූ අරවින්දන් සහ තබෝරූබන්ට සමාවදීමට රජය වෙත නිර්දේශ කළේ කවුරුන්ද යන්නයි. මේ අතර මියන්මාරයේ සිට සංචාරක වීසා මත මෙරටට පැමිණි මාක් නැමැති සී. අයි. ඒ ඒජන්ත පසුගියදා මෙරටින් පැන ගියේය. ඔහු ඩුබායි හරහා රුමේනියාවට ගිය බව අනාවරණය විය. ආගමන විගමන බලධාරීහු මාක් ගැන විමර්ශන පවත්වන අතරේ ඔහු මෙලෙස පැන ගොස් තිබේ. ඇමෙරිකානු යූ. එස්. ඒඞ් නැමැති සී. අයි. ඒ ව්‍යාපෘතියට සම්බන්ධ පාට්නර් නැමැති ව්‍යාපෘතියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ මාක් පසුගිය සතියේ නීතිවේදියකු සම`ග ආගමන විගමන කාර්යාලයට පැමිණ සිටියේය. ඔහු ගැන බුද්ධි අංශ පවා විමර්ශනයක් ආරම්භ කර තිබුණි. මෙරටින් යෑමට පෙර මොහු වාණිජ මණ්ඩලය වෙත ගොස් එහි පිරිසකට දේශනයක්ද පවත්වා තිබේ. මෙම සී. අයි. ඒ ඒජන්ත ගැන අප විසින් තොරතුරු හෙළි කරත්ම පාර්ට්න ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලයද දැඩි කලබලයට පත් වී ඇත. මෙලෙස මාක් මෙරටින් පැන ගියත් ඔහුගේ දෙවැනි යා වූ කාර්ති නැමැත්තා තවදුරටත් ක‍්‍රියාත්මකවේ. මේ පසුබිම මැද හිටපු ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් ද යුද අපරාධ සිදු කළ නාමික සිලි බළකායේ ප‍්‍රධානියකු වූ ගැලගර් ඇතුළු හමුදා නිලධාරීන් දෙදෙනකුට ජනාධිපති සමාව දී තිබේ. එය නීතිය අව භාවිතයක් යැයි ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප‍්‍රකාශ කර නැත.