Gastritis වලට චීන කටු ප්‍රතිකාර

86

බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන ඉතා සුලබ රෝගයක් බවට ගැස්ට්‍රයිටීස් (Gastritis) රෝගය පත්ව ඇත. නිසි ආහාර රටාවක් නොමැතිකම, කෘත්‍රිම රසකාරක, තෙල් සහ මිරිස් අධික ආහාර නිතර ගැනීම, නිදිවැරීම, අවිවේකී බව, මානසික ආතතිය, නිසි වේලාවට ආහාර නොගැනීම, පිටි සහිත ආහාර ගැනීම, මත්පැන් දුම්වැටි පානය, අඩුවෙන් ජලය පානය ආදී හේතු ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීමට ඍජුවම බලපානු ලබයි.

රෝග ලක්ෂණ

ගැස්ට්‍රයිටීස් රෝගයේදී ප්‍රධාන වශයෙන්ම ඇතිවන රෝග ලක්ෂණය වනුයේ පපුව මැද ප්‍රදේශයේ ඇති වන දැවිල්ලය. ඊට අමතරව හිසරදය, දණ හිස, වැලමිට සන්ධිවල වේදනාව, කොන්ද ප්‍රදේශයේ ඇතිවන වේදනාව, වමනය යෑම ආදී රෝග ලක්‍ෂණ මතුවේ.

Gastritis වලට චීන කටු ප්‍රතිකාර

මෙය දීර්ඝ කාලයක් පැවැතීමෙන් ආමාශයේ තුවාල හට ගනී. (Gastritis ulcers) ඒවා පසු කාලයේදී බැක්ටීරියා ආසාදනයට ලක්වී අධික වේදනාව හට ගැනීම, පිළිකා තත්ත්වයට පත්වීම ආදිය ද සිදුවිය හැකිය.

ගැස්ට්‍රයිටීස් වළක්වා ගැනීම

ගෑස්ට්‍රයිටීස් රෝගය වළක්වා ගැනීම සඳහා නිසි වේලාවට ආහාර ගැනීම, කෙඳි සහිත ආහාර වර්ග ගැනීම, පලා වර්ග, පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම, විවේකය, මිරිස්, ලුණු අධික ආහාර ගැනීම සීමා කිරීම ආදිය කළ යුතුයි.

චීන කටු ප්‍රතිකාර

ගැස්ට්‍රයිටීස් රෝගයේදී මතුව ඇති රෝග තත්ත්වය අනුව ඒ සඳහා චීන කටු භාවිතා කරමින් නිල තෙරපුමට ලක් කරනු ලැබේ. එහිදී රෝගයට බලපා ඇති නිල රන්, රිදී, තඹ ආදී චීන කටු භාවිතයෙන් තෙරපුමට ලක් කිරීම විද්‍යුත් උත්තේජන උපකරණ භාවිතයෙන් (Electro Acupancture) නිල තෙරපුම සිදු කරනු ලබයි. එසේම ගැස්ට්‍රයිටීස් රෝගය නිසා සමේ සිදුව ඇති අව පැහැය නැති කිරීමට වර්ණ චිකිත්සාව සිදු කරනු ලැබේ.

තෙරපුමට ලක් කරන නිල

ගැස්ට්‍රයිටීස් රෝගය නිසා ක්‍රියාකාරීත්වය දුර්වල වන ප්‍රධාන නිල ස්ථාන කිහිපයක් චීන කටු, චිකිත්සාවේදී දක්වා ඇත. ඒවා වනුයේ Zhongwan (Ren-12) Baihui (Du-20) Tianshu (ST-25) Zusanli (ST-36) Gongsun (SP-04) Liangqiu (st-34) Neiquan (P-6) යන නිල ස්ථානවේ. මෙම නිල ස්ථාන දිනකට පැයක් පමණ බැගින් ප්‍රතිකාර වාර 08ත් 10ත් අතර ගණනක් මගින් තෙරපුමට ලක් කිරීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගය සහ රෝගය නිසා මතුව ඇති ආමාශයේ තුවාල ආදිය සුවපත් කළ හැකිය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමැතිය හැකිය.

Gastritis වලට චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත
කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment