ළමා අපචාරවලට එරෙහිව නීතිය උපරිම ලෙසින් ක්‍රියාත්මක කරන්න

39

සක්වල 40 වැනි අදියරේදී විපක්ෂ නායක සජිත් රජයෙන් ඉල්ලයි

ළමා අපචාරවලට එරෙහිව නීතිය උපරිම ලෙසින් ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ උපරිම සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේබව කියා සිටියේ ඉකුත් 27දා අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 40 වැනි අදියර යටතේ සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

අද සමාජයේ ළමා හිංසනය, අතවර, අපචාර, තර්ජන ගර්ජන දැවැන්ත ඛේදවාචකයක් වෙලා තියෙනවා. රජයේ බලධාරීන් ළමා අපචාර ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පවා ඉදිරිපත් කරනවා. නමුත් රජයේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම නොව ළමා අපචාර මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීමයි. රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි අපචාරකරුවන්ට ලිහිල් දඩුවම් ලැබී අවසානයේ රජයේ බදු මුදලින් ඔවුන් සිරගෙයි නඩත්තු වෙනවා. එබැවින් මෙකී ළමා අපචාර අප සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ගෙන විත් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරමින් ආරක්ෂක අංශ සවිබල ගැන්විය යුතුයි. ඊට අමතරව පවතින නීති සංශෝධනය කරමින් දැඩි දඬුවම් ලබා දිය යුතුයි. යුගයේ මානුෂීය මෙහෙයුම ලෙස ළමා අපචාර මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ යොදා ගත යුතුයි. ඒ සඳහා විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙනවා. දත්ත පමණක් ඉදිරිපත් නොකර කශේරුකාව ශක්තිමත් කර දැඩි නීති රීති ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

වසරකට දෙපාරක් විදුලි බිල සංශෝධනය කරන බවට රජය පොරොන්දු වුවත් 3 වැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කර සියයට 500කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරලා තිවෙනවා. මේනිසා බහුතරයක් ජනතාව අසරණයි. පාලකයන්ට මිනිසුන් විඳින දුක තේරෙන්නේ නැහැ. විදුලි බිල වැඩි වීම නිසා ආහාර සහ අධ්‍යාපනය සඳහා පවුලක් වෙන් කර ඇති මුදල් පවා අඩු වෙලා. රට කෙතරම් බංකොලොත් වුවත් ජන දුක සම්බන්ධයෙන් අවබෝධයක් පැවැතිය යුතුයි. මේ අවස්ථාවේ දහස් ගණනින් පාරට බැස උද්ඝෝෂණය කරන්නේ විදුලි බිලට විරුද්ධවයි. මේ මහා ජන බලවේගය නිර්මාණය වී ඇත්තේ පීඩනයෙන් අසහනයෙන් දරිද්‍රතාවෙන් උහුලන්න බැරි බරක් තම කරපිට පටවා ඇති ජනතාව තුළින් බවත් එබැවින් අනීතිකව වැඩි කර ඇති විදුලි බිල හකුලා ගත යුතුයි. බොරු දත්ත ඉදිරිපත් කරමින් සිදු කළ මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ජනාධිපති, ඇමැති සහ මහජන උපයෝගීතා කොමිසම වගකිව යුතුයි. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නෛතික ක්‍රියාමාර්ග ගන්නවා.

මේ අපේ රටේ ලක්ෂ 41ක් වූ පාසල් දූ දරුවන් දේශපාලනඥයා ඉදිරියේ වැඳ නමස්කාර පූර්වකව දණ ගස්වන පිළිවෙතෙන් බැහැර විය යුතුයි. දූදරුවන් ගරු බුහුමක් දැක්විය යුත්තේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, ආගමික නායකයන්ට සහ තමන්ට හිතවත් අසල්වාසී

advertistmentadvertistment
advertistmentadvertistment