HUTCH සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්වී ග්‍රාමීය පවුල් සවිබල ගන්වයි

35

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය.

මෙම හවුල්කාරීත්වය යටතේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව අතර බෙදාදීම සඳහා HUTCH විසින් විද්‍යුත් පාපැදි තොගයක් පරිත්‍යාග කරන ලදි.

සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දෙන ග්‍රාමීය ජනතාවට මෙම විද්‍යුත් පාපැදි ඉමහත් සහනයක් වනු නිසැකය. විද්‍යුත් පාපැදි යනු වියදම් අවම, තිරසාර ප්‍රවාහන මාධ්‍යයකි. ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සුවපහසු, තිරසාර හා සම්බන්ධිත ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දෙන අතරම විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට වඩාත් ශක්තිමත් ලෙස අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා HUTCH දක්වන උනන්දුව හා කැපවීම මෙම හවුල්කාරීත්වය මගින් මැනැවින් නිරූපණය වේ.

මෙම වැඩසටහනෙහි වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, HUTCH ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්මට මුල් තැන දෙන ජාලයක් වශයෙන්, මේ ආකාරයට විවිධ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින පවුල්වලට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව අප නිහතමානීව සතුටු වනවා. මෙය ප්‍රජාවන් සවිබල ගන්වමින් වඩාත් දීප්තිමත් අනාගතයක් හිමි තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා අප දරන උත්සාහයෙහිම කොටසක් ලෙස හැඳින්වීමට පුළුවන්.”


advertistmentadvertistment