IMF දෙවැනි වාරිකය දෙසැම්බර්වල හරි බංකොලොත් භාවයත් ඉවරයි – ඇමැති ෂෙහාන් සේමසිංහ

88

මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවී රටම බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30 දා) සඳහන් කළේය.

එම දෙවැනි වාරිකය ලද පසුව ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන සහයෝගය ලබාගෙන රටේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ මූල්‍ය ශක්තිය හිමිවෙන බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා රජය යෝජනා කර ඇති පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය සාර්ථක වී ඇති මොහතක ඉහත කටයුත්ත සාර්ථකව කඩිනමින් ඉටුකර ගැනීමේ හැකියාව පවතින බව ද ඒ මහතා පැවසීය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගකරණයට සෑම රටක්ම සහාය දැක්වීමට පෙරේදා (29 දා) එකඟවීම මෙරට තුළ ශක්තිමත් මූල්‍ය සංධිස්ථානයක් නැවත පිහිටුවීමට අවකාශය සලසන බව ද හෙතෙම පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment