LG-ABANS MEGA NIGHT මහා සංගීත රාත්‍රිය අද රාජාංගනයේදී

16

2024 වසරේ සංගීත චාරිකාව අරඹමින් යුගයේ දැවැන්ත සංගීතමය අත්දැකීම රාජාංගනය ජනතාව වෙත සමීප කිරීමට අබාන්ස් සමාගම කටයුතු කර ඇත.

මේ අනුව LG-Abans MEGA NIGHT මහා සංගීත රාත්‍රිය අද (22වැනිදා) රාත්‍රී 7.00 සිට රාජාංගනය, පැරකුම්පුර, ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවයිනේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් වන රොෂාන් ඇන්ටන් ප්‍රමුඛ Arrow Star විසින් LG – Abans MEGA NIGHT මහා සංගීත රාත්‍රිය සංගීතවත් කරනු ලබයි. සේනානායක වේරලියද්ද, අක්‍ෂා චමෝදි, සුප්‍රියා අබේසේකර, රුක්මන් අසිත ඇතුලු දිවයිනේ ජනකාන්ත ගායන තරු රැසක් එදිනට ගීතවත් වීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment