NDB බැංකුව ළඟ එන උත්සව සමය වෙනුවෙන් Remittance Festival Rewards ප්‍රචාරක වැඩසටහන ආරම්භ කරයි

8

එළඹෙන උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි- මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මඟින්, NDB බැංකු ශාඛා හරහා සිය Western Union මුදල් ගනුදෙනු කිරීම් සිදුකරන සියලුම ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමේ මහඟු අවස්ථාවද හිමිකර ගත හැක-

2025 අප්‍රේල් මස 13 වන දින දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රචාරක වැඩසටහන සිය මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරා ගන්නා ගනුදෙනුකරුවන්ට ත්‍යාග ලබා ගැනීමට විවිධ අවස්ථාවන් උදා කරමින් සෑම සතියකටම වාසනාවන්ත ජයග්‍රාහකයන් තුන් දෙනෙකු තෝරාපත් කරගනු ලැබේ- මේ එළඹෙන්නේ බෙදා හදා ගැනීම සහ සතුට සෞභාග්‍ය සමරන උත්සව සමයයි- මේ කාලසීමාව තුළ විදේශයන්හි වෙහෙස මහන්සි වී සේවා සපයමින් උපයන විදේශ විනිමය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී NDB බැංකුව හරහා එම මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා මෙම ත්‍යාග දිනා ගැනීමේ හැකියාව ඇත-

NDB බැංකුව, Western Union සමඟ එක්ව සිය බැංකු ශාඛා ජාලය සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් හරහා මුදල් ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් පහසු හා ආරක්ෂාකාරී මුදල් ගනුදෙනු ක්‍රියාවලියක් සහතික කරයි- මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගැනීමෙන් ගනුදෙනුකරුවන්ට වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම පමණක් නොව ශ්‍රී ලංකාවේ නිල මූල්‍ය ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමට ද දායක වේ-

NDB බැංකුවේ මුදල් හුවමාරු සේවාවන් සහ “Remittance Festival Rewards” ප්‍රචාරක වැඩසටහන පිළිබඳ NDB බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැක-


advertistmentadvertistment