පොහොර ගැන ආණ්ඩුව රැට කියන කතා උදේට වෙනස් කරනවා – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

115

ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් කියා සිටියේ ක‍්‍රමානුකූලව වසර 10 කින් කාබනික වගාවට ශ‍්‍රී ලංකාව යොමු කරන බව වුවත් මේ වන විට ඒ සියල්ල උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැයට අනුව සහන හිමි වන්නේ කාබනික පොහොරවලින් වගා කරන ගොවීන්ට පමණක් බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ රටේ ගොවි පරපුරට ආණ්ඩුව මෙතරම් ද්‍රෝහී වන්නේ මන්දැයි ප‍්‍රශ්න කළේය.

තිස්සමහාරාමයේ වනසපුගල ප‍්‍රදේශයේ ජනතා ගැටලූ‍ විමසන  ”‍නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට”‍ වැඩසටහනේ තවත් අදියරක් ඊයේ (24) පැවැත්විණි.

එහිදී එම ප‍්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලූ‍ පිළිබ`දව කරුණු රැුසක් පිළිබ`ද විපක්ෂ නායකවරයා සිය අවධානයට ගනු ලැබීය.

ගොවි ජනතාවට වන්දි ගෙවන්නට අයවැයෙන් එක රුපියලක් වෙන් කොට නැතිබව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව ?ට පොහොර තහනම ඉවත් කළා කියා, උදේට එහෙම තීන්දුවක් අරන් නෑ කියන බවත්, හවසට තවත් එකක් කියන අතරේ රිවස් කරන ගැසට් ගසන බවත් පැවසීය.

ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය රු.මිලියන 35000ක් වෙන් කරන අතරේ රසායනික පොහොර ගෙන්වන්න පෞද්ගලික ආයතනවලට අවසර දෙන්නේ මන්දැයි විපක්ෂ නායකවරයා ප‍්‍රශ්න කළේය.

ඒ සියල්ල අතරේ ජනාධිපති නිවේදනය තුළ රටේ ක‍්‍රියාත්මක වන්නේ තවදුරටත් කාබනික කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්ති බව පවසමින් ආණ්ඩුව දෙබිඩි රංගනයක යෙදෙන බව ද විපක්ෂ නායකවරයා කීවේය.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment