ඔමික්‍රෝන් ඩෙල්ටා පරදවයි: ලොව පුරා කොරෝනා 11%කින් වැඩි වෙලා

142

ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් සතියේ ගෝලීය වශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 11කින් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙරේදා (28දා) නිවේදනය කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ ලොව පුරා ඔමික්‍රෝන් ප‍්‍රභේදය මගින් ඇති කර හැකි අවදානම තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින බවට එම සංවිධානය අනතුරු අඟවා තිබේ.

ලොව පුරා රටවල් ගණනාවක ඩෙල්ටා ප‍්‍රභේදය අභිබවමින් ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින අතර දින දෙක තුනකට වරක් එම ප‍්‍රභේදය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දෙගුණ වීම හේතුවෙන් එම ප‍්‍රභේදයට ඩෙල්ටා ප‍්‍රභේදය අභිබවා යාමට හැකි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇමරිකා එක්සත් ජනපදය හා එංගලන්තය යන රටවල පැතිර යන ප‍්‍රමුඛතම කොරෝනා වෛරස් ප‍්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්ව තිබීමත් යුරෝපා රටවල් ගණනාවකින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයක් හෝ එයට ආසන්න සංඛ්‍යාවක් වීමත් යන හේතුන් මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

ප‍්‍රංශයේ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා එක් ලක්ෂ අසූදහසක් වූ අතර එංගලන්තය, පෘතුගාලය, ඉතාලිය හා ග‍්‍රීසිය යන රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය හෝ එයට ආසන්න මට්ටමක පැවතිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment