SLT-MOBITEL මීගමුවේ Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගනී

52
SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Global සමූහයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා ගිවිසුම හුවමාරු කරගනිමින්. SLT-MOBITEL and Global Housing & Real Estate (පුද්.) සමාගම නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මීගමුවේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්වන Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග පසුගියදා ගිවිසුම්ගත විය.

SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Global සමූහයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. SLT-MOBITEL සමූහ පාරිභෝගික ව්‍යාපාර නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා සහ Global සමූහයේ අධ්‍යක්ෂිකා ප්‍රියන්ති අබේවීර මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment