ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු තවදුරටත් ප්‍රසාරණය කරමින් කොළොන්න මැනුෆැක්චරින් සමාගමේ වත්කම් මිලදීගැනීමට Star Garments සමූහය පසුගියදා සමත්විය.

ඒ සමඟ එය Star Garments සමූහය සතු ශ්‍රී ලංකාවේ 12වැනි ඇඟලු‍ම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් ඉන් ජනනය වීම ද විශේෂත්වයකි. තව ද ඇඟලු‍ම් අපනයන කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සතු විභවය පිළිබඳ Star Garments සතු දැවැන්ත විශ්වාසයද මෙමගින් පිළිබිඹු වේ.

දශක හතරකට වැඩි අත්දැකීම්වලින් හෙබි Star Garments සමූහය යනු ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තය තුළ ප්‍රමුඛයේ වන අතර, 9,000කට වැඩි පිරිසක් එහි ඇඟලු‍ම් කර්මාන්තශාලා තුළ සේවය කරති. ගෝලීය මට්ටමේ ඇඟලු‍ම් සැපයුම, නිර්මාණකරණය සහ නිෂ්පාදනය සිදුකරන Star Garments ශ්‍රී ලංකාව තුළ වඩාත් නව්‍ය සහ තිරසර ඇඟලු‍ම් නිෂ්පාදන සමාගමක් ලෙස ද කීර්තියක් උසුලයි.

Botejue Industries Limited හි කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් බොතේජු හා එහි සභාපති ජානක බොතේජු සහ Star Garments සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. සුකුමාරන් හා එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ජීවිත් සේනාරත්න යන මහත්වරු ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment