මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගීත්වය සහ නැගෙනහිර කලාපයට අදාළ සංස්කෘතික උරුමයන්ද කැටිකරගත් Sun Siyam Pasikudah හෝටලය, පසුගියදා පැවැති 2024 සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සංචාරක කර්මාන්තයේ නියැළි ප්‍රජාවගේ මහත් ප්‍රතිචාර හිමිකරගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) සමග එක්ව 11 වැනි වරට සංවිධානය කරන ලද සංචාරක උදාව ප්‍රදර්ශනය, මැයි 17-18 දිනවල කොළඹ BMICH හිදී පැවැත්වුණි. ඊට 500කට වැඩි ප්‍රදර්ශකයින් ප්‍රමාණයක් එක්ව සිටි අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස 10,000කට අධික විය.
මාලදිවයිනේ Sun Siyam Resorts හෝටල් ජාලයට අයත් Sun Siyam Pasikudah, C169 සහ C176 යන ඒකාබද්ධ ප්‍රදර්ශන කුටි තම අභ්‍යන්තර වාස්තු නිර්මාණ අනන්‍යතාවට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබීමට කැපීපෙනුණි.