Uber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාවේ (2024 Sri Lanka Economic impact Report) සඳහන් ප්‍රධාන කරුණු රැසක් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි.

මෙම වාර්තාව පිළියෙල කරන ලද්දේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පර්යේෂණ සමාගමක් වන Public First විසිනි. මෙම වාර්තාවට අනුව Uber සහ Uber Eats විසින් පසුගිය වසරක කාලය තුළ ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන ලද දායකත්වය රු. බිලියන 160 කට අධිකය. ශ්‍රී ලාංකිකයන්ට නම්‍යශීලී ආදායම් අවස්ථා උදාකර දෙමින් සහ සුරක්ෂිත හා සහනදායී ප්‍රවාහන පහසුකම් සලසමින්, රටේ ව්‍යාපාරවලට වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමග ගනුදෙනු කිරීම සඳහා Uber ලබාදුන් අත්වැල මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.

පසුගිය වසර කිහිපය තුළ ජනතාව ගමන් බිමන්වල යෙදෙන ආකාරය මෙන්ම ආහාරපාන හා එදිනෙදා භාණ්ඩ ඇණවුම් කරන ආකාරය පූර්ණ වෙනසකට ලක්කිරීමට Uber සමත් වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදෙමින් සිටින මෙවන් යුගයක ගමනාගමන හා ප්‍රවාහන සේවාවන් සුරක්ෂිත හා ලාභදායී කිරීම තුළින්, රටට ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට අත්වැලක් වීමට Uber සමාගමට හැකි වී තිබේ.

දෛනික ගමනාගමනය වඩාත් ඉක්මන්, සුරක්ෂිත හා සහනදායී කිරීම තුළින් රටේ ගමනාගමන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුකිරීමට Uber සමත් වී ඇත. 2024 වසර වසරේදී පමණක් Uber සේවාවන් හේතුවෙන් මගීන්ට ඉතිරි වූ මුළු පැය ගණන මිලියන 1.2 කට අධිකය. මෙලෙස කාලය ඉතිරි වීම නිසා ඔවුන්ට තම රාජකාරි කටයුතුවලදී වැඩි ඵලදායීතාවක් ළඟා කරගැනීමටත්, තම ආදරණීයයන් සමග වැඩි කාලයක් ගත කිරීමටත් අවස්ථාව හිමි වේ. මගීන් අතරින් 65% ක් පවසා ඇත්තේ Uber යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සේවාවන් යනු සහනදායී ගාස්තු යටතේ ගමන් බිමන් යාම සඳහා ඇති හොඳම ක්‍රමවේදයක් බවයි. හදිසි අවස්ථාවලදී තමන් Uber app භාවිතා කළ බව 65% ක් පැවසූහ. මේ සියල්ල මගින් පෙනී යන්නේ Uber සේවාවන් ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ වැදගත් අංගයක් බවට පත්වෙමින් පවතින බවයි.


advertistmentadvertistment