කොටවිල මහ රෝහලේ ආරක්‍ෂකයින්ගේ අමන තීරණයෙන් තරුණ ජීවිතයක් රටට අහිමි වෙයි

190

රෝහල් ආරක්ෂකයින්ට රෝගීන්ට වැට බඳින්න පුළුවන්ද
කවුද මේවට වග කියන්නේ…..
මොවුන්ට එරෙහිව නීති නැද්ද?

මූලික ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් විසිඑක් හැවිරිදි තරුණයෙකු මියගිය බවට චෝදනා නගමින් කොටවිල නාවින්න පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වූහග සිය යතුරු පැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදී ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව තිබුණේ පසුගිය 07 වැනිදායි. අනතුරින් තුවාල ලැබූ ඔෂාන් සඳරුවන් ප්‍රතිකාර සඳහා කොටවිල මහ රෝහලට රැගෙන විත් තිබුණි. නමුත් එම රෝහලේ ආරක්ෂක අංශ රෝගියාට ඇතුළුවීමට ඉඩනොදී මාතර මහරෝහලට රැගෙන යන ලෙස පවසා ඇතග ඥාාතීන් පැවසුවේ පසුව ත්‍රිරෝද රථයකින් රෝගියා මාතර මහ රෝහලට රැගෙන ගියත් තරුණයා මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසූ බවයි.

සිද්ධිය සැකවින් මෙසේය.

ඔෂාන් සඳරුවන් කොටවිල පුද්ගලික ආයතනයක සේවයේ නියුතු 21 හැවිරිදි තරුණයෙකිග ඔහු පසුගිය 07 වන දින සවස කොටවිල නාවින්න පුවක්වත්ත ලිපිනයේ පිහිටි සිය නිවසට යතුරු පැදියෙන් යන අතර ඉපිල් ඉපිල් ගසක අත්තක් කඩාගෙන වැටීමෙන් පසුව ඔහු අසල්වැසියන් විසින් කොටවිල මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ගෙන ගොස් ඇත. එහෙත් එහි ආරක්ෂක කාර්ය මණ්ඩලය විසින් රෝහලේ හදිසි අනතුරු ඒකකය සවස හතරෙන් පසුව වසා දමා ඇති බැවින් ඔහුට ප්‍රතිකාර ලැබීමට රෝහලට ඇතුළු වීමට ඉඩ ලබා නොදී රෝගියා මාතර මහ රෝහලට ගෙනයන ලෙස පවසා ඇත. එහෙත් පිරිස මූලික ප්‍රතිකාර සඳහා රෝගියා රෝහලට ගෙන යාමට හැදුවත් එය ආරක්ෂක අංශයේ නිලධාරින් විසින් වළක්වා ඇතග පසුව පිරිස ඔහු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් මාතරට ගෙන ගොස් ඇතග එම අවස්ථාවේ පළමුවෙන් ගිය ත්‍රිරෝද රථයේ තෙල් නිමාවට පත්ව කඹුරුගමුවේ සිට වෙනත් ත්‍රිරෝද රථයක නංවාගෙන ඔහු ගෙන ගොස් ඇත. මාතර මහ රෝහලට ගෙන ගිය පසුව වෛද්‍යවරු පවසා ඇත්තේ තරුණයා මියගොස් ඇති බවයි. ඔහුට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් ශ්වසන පද්ධතිය අවහිර වී ඔහු මිය ගොස් ඇති බව ප්‍රකාශ කර ඇතග ගසේ අත්තක් කඩා වැටීමෙන් ඔහුගේ ඉල ඇටවලට හානි සිදුවී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව ඥාතීහු පවසති,

09 වන දින සවස ඔෂාන්ගෙ නිවසේ දී ඔහුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළ අතර ප්‍රදේශයේ ජනතාව ඔහුගේ දේහය රැගෙන කොටවිල රෝහල අසල විරෝධතාවක් සිදු කිරීමට කටයුතුද සංවිධාන කරගෙන සිටියහ.

එහෙත් කොටවිල පොලිසියේ නිලධාරින් විසින් එය වළක්වාලමින් උසාවි නියෝගයක් රැගෙන පැමිණ ඔෂාන්ගේ මව්පියන්ට දන්වා සිටියේ මරණය රැගෙන වත්තෙන් පිට නොයන ලෙසත් ඉඩමේ ඒ සඳහා සකස්කර ඇති ස්ථානයෙහි ඔහුගේ අවසන් කටයුතු කරන ලෙසයිග ඉන්පසුව දෙමාපියන් නිවස පිහිටි ඉඩමේ දී ඔෂාන්ගේ අවසන් කටයුතු සිදු කළහ.

පසුව ප්‍රදේශයේ ජනතාව මියගිය ඔෂාන් සඳරුවන්ගේ පින්තූරයක් ද සමග විරෝධතා පුවරුද රැගෙන කොටවිල මංසන්ධියට පැමිණ නිහඬ විරෝධතාවක් සිදු කළ අතර එම මොහොතේ රෝහලේ අක්‍රමවත් වැඩ පිළිවෙළ විවේචනයට ලක් කරමින් අදහස් පළ කළහ.

මේ අවස්ථාවේ කොටවිල පොලිසිය සහ වෙනත් පොලිස් ස්ථාන වල නිලධාරින් සහ පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරින් ද කොටවිල මංසන්ධියට යොදවා තිබුණිග පිරිස කොටවිල මංසන්ධියේදී සිය විරෝධය පලකිරීම සිදු කිරීමෙන් අනතුරුව විසිර ගියහ,

සිය පුතාට වූ විපත වෙනුවෙන් අදහස් පළකළ ඔෂාන් සඳරුවන් ගේ පියා වන එම්. ඒ. ගාමිණී…

මගේ පුතා තව සති දෙකකින් රට යන්න හිටියේග ලක්ෂ හතක් බැඳලා තිබුණේ. ඉස්පිරිතාලෙන් ඇම්බියුලන්ස් එකක් දුන්නෙ නැහැ. විනාඩි විස්සක් ඇතුළත ගෙනාව නම් බේරගන්න තිබුණ කියල දොස්තර මහත්තය කිව්ව,

සිය එකම පුතා අහිමි වීම දරාගත නොහැකිව සොවින් වැලපෙන ඔෂාන් ගේ මව වන එල්. බී. චන්ද්‍රානි මහත්මිය……

අනේ අපිට දැන් කාගෙන්වත් සරණක් නැහැ. මම ලෙඩෙක්ග මට දැන් කවුද සලකන්නෙග මගෙ දරුව තමයි මට හම්බ කරල කන්න දුන්නෙ. මට අසාධාරණක් වුණා. මට සාධාරණයක් කරල දෙන්න අනේ. මගෙ දරුවාට වගේ තවත් දරුවන්ට මේ වගෙ දෙයක් සිද්ධ වෙන්න දෙන්න එපාග මට සාධාරණය ඉටු කරල දෙන්න.

මාතර අතිරේක ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment