මිහින්තලය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කාර්යක්ෂම කිරීමට උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව SEM 915F මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් එහි දේශීය නියෝජිත ආයතනය වන UTE වෙතින් මිලදී ගත්තේය.
එය UTE ජ්‍යෙෂ්ඨ කළමනාකරු රංජන ධර්මසූරිය විසින් පී. විජේසිංහ (ලේකම්බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී) සහ අනුරාධ දිසානායක (කොමසාරිස් – ප්‍රාදේශීය පරිපාලන) වෙත මිහින්තලය ප්‍රාදේශීය සභාවට අනුයුක්ත කිරීමට භාර දෙන ලදී. UTE යනු ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ, බල ශක්තිය, පුනර්ජනනීය බල ශක්තිය, ගබඩා හා සැපැයුම් විසඳුම්, වෙල්ඩින් උපකරණ, කාර්මික හා ඉංජිනේරු විසඳුම් සඳහා ලොව ප්‍රමුඛතම සන්නාම නියෝජනය කරන ආයතනයක් වන අතර Caterpillar® එහි ප්‍රමුඛතම සන්නාමය වේ. SEM (Shandong Engineering Machinery Co. Ltd.) ආයතනය වසර 60කට වැඩි කාලයක් චීනයේ SEM සන්නාමය යටතේ වීල් ලෝඩර් නිපදවන අතර 2008දී Caterpillar®හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් බවට පත් විය. SEM 915F මෝටර් ග්‍රේඩර් බොරළු මාර්ග සැකසීමට හා පිළිසකර කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති බහුකාර්ය යන්ත්‍රයකි.’
මිහින්තලය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බැවින් ඒ සදහා කාර්යක්ෂම බහු කාර්ය යන්ත්‍රෝපකරණ කෙරෙහි අවධානය යොමු කළ උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු SEM මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය ඊට සුදුසුම යන්ත්‍රය ලෙස තෝරා ගත්හ.