දේශීය ව්‍යාපාර ගෝලීය වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට කොමර්ෂල් බැංකුව විශේෂ සේවා දෙකක් හඳුන්වා දෙයි

59

සිය ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සඳහා වෙළෙඳ අවස්ථා සැලකිය යුතු ලෙස පුළුල් කිරීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව නව සේවා දෙකක් දියත් කර ඇති අතර, එක් සේවාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග සහයෝගයෙන් සහ අනෙක ස්වාධීනව හඳුන්වාදී ඇත.

මෙම සේවාවන් දෙකම දේශ සීමා හරහා සහ රට තුළ ජාලකරණ අවස්ථා ප්‍රවර්ධනය කරන පරිසර පද්ධති ලෙස නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග සහයෝගයෙන් සංවර්ධනය කරන ලද ‘කොමර්ෂල් බෑන්ක් ලීප්’ (Commercial Bank LEAP) ලෙස සන්නාමය කර ඇති වැඩසටහන ව්‍යවසාය ඩිජිටල්කරණය සහ ව්‍යාපාර නංවාලීම කෙරෙහි අවධානය යොමු කරන පුළුල් ව්‍යාපාරික පරිසර පද්ධතියකි. බැංකුවේම වේදිකාව වන ‘ටේ්‍රඩ් ක්ලබ්’ (Trade Club) වේදිකාව බැංකුවේ වෙළෙඳ ක්ෂේත්‍රයට අදාල සේවා වලට පහසු ප්‍රවේශයක් ලබා දීමෙන් ආනයනකරුවන් සහ අපනයනකරුවන් සවිබල ගැන්වීම සිදුකරණු ලබයි.

දේශීය ව්‍යාපාර ගෝලීය වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට කොමර්ෂල් බැංකුව විශේෂ සේවා දෙකක් හඳුන්වා දෙයි

මෙම වේදිකාවල සංවර්ධනය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය. ‘ගෝලීය වෙළෙඳපොළ වර්ධනය කිරීම සහ ජය ගැනීම උදෙසා දේශීය ව්‍යාපාරවලට සහාය වීම සහ සවිබල ගැන්වීම, කොමර්ෂල් බැංකුවට ව්‍යාපාරික ඉලක්කයක් මෙන්ම, ජාතික යුතුකමක්, ජාත්‍යන්තර වෙළෙඳාම සහ විදේශ විනිමය ඉපැයීම් වර්ධනය කිරීම සඳහා නව්‍ය ඩිජිටල් ක්‍රමවේද යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. මෙම සේවා දෙක සමග කොමර්ෂල් බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගණුදෙනුකරුවන්ට ගෝලීය ජාල වෙත ප්‍රවේශය ලබා දීම මගින්, නවීන තාක්‍ෂණය සහ පුළුල් පරාසයක ව්‍යාපාරික සේවාවන්ද ලබා දෙනවා. වේගයෙන් පරිණාමය වන ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ තරගකාරීව සිටීමට ඔවුන්ට එය උපකාරී වෙනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment