උපායේත් ශිල්පයේත් අති දක්ෂකුගේ පදවි ප්‍රාප්තිය

15614

වත්මන් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධුරය හොබවන මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ

දශක තුනක් මෙරට වෙලාගෙන තිබූ ඛඔඔෑ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මෙහෙයුමේ උච්චතම අවස්ථාව 2009 මැයි මස 19 දිනට එළඹි අතර කුරිරු ඛඔඔෑ ත්‍රස්තවාදී නායකයා ඇතුළු සමස්ත සංවිධානයම යුදමය වශයෙන් පරාද කළ බවත්, තවදුරටත් ශ්‍රී ලංකාව තුළ යුද ගිනිදැල් නොමැති බවට සපථ කරමින් සුවහසක් ශ්‍රී ලාංකීය ජාතියට සැනසුම් සුසුම් උදාකළ අවසාන තත්ත්ව වාර්තාව නිකුත් කළ ඒ වීර සෙන්පතියා වන එවකට 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට විජයග්‍රාහී නායකත්වය ලබා දුන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ උදෘත පාඨය වන “තම උපායේත් ශිල්පයේත් අති දක්ෂයකුට ඉසිලිය නොහැකි මහ බර කුමක්ද” යන පාඨයට සියයට සීයක්ම සාධරණය ඉටුකළ වත්මන් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධුරය හොබවන මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ ඍඋඡ ඍීඡ බාම චිජ මහතා 2023.10.11 වන දින බෝයගනේ විජයබාහු රෙජිමේන්තු පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ 22 වන රෙජිමේන්තු අධිපතිවරයා ලෙස රෙජිමේන්තු අධිපති ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.

උපායේත් ශිල්පයේත් අති දක්ෂකුගේ පදවි ප්‍රාප්තිය
කාන්තා සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුමශ

1969 ක්වූ සැප්තැම්බර් මස 16 වන දින උපත ලබා තම මූලික අධ්‍යාපනය කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙතින් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි එවකට රටතුළ පැවති යුදමය වතාවරණය මත තම රට වෙනුවෙන් ඉටුකළ යුතු මෙහෙවර ඉටුකිරීම උදෙසා 1988 ජුලි මස 26 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී පාඨමාලා අංක 31 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව සහ ඉන්දීය යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් සාර්ථක මූලික යුද පුහුණුවකින් පසු විසිර යෑමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ඇතුළත්ව එවකට නවතමයෙන් ආරම්භ කරන ලද විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත ඇතුළත් වන ලදි. පසුව 5 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත ඇතුළත් කරන ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි එම බළඇණියේ කණ්ඩභාර නිලධාරි තනතුරේ සිට බුද්ධි නිලධාරි සහ නිලධාරි අණදෙන තනතුරද 7 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි තනතුරද 4 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි තනතුරද හොබවා ඇති මෙතුමා 553 සහ 571 පාබල බළසේනාවන්හි බලසේනාධිපති, 11 සහ 58 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති, යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය සේනාවිධායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික හා මාණ්ඩලික ප්‍රධානී යන තනතුරු රාශියක් හොබවමින් ඉතා සුවිශේෂි වූ මෙහෙවරක් යුද්ධ හමුදාවටත් පොදුවේ ශ්‍රී ලංකා දේශයටත් ඉටුකර ඇත.

උපායේත් ශිල්පයේත් අති දක්ෂකුගේ පදවි ප්‍රාප්තිය
ඓතිහාසික අවස්ථාවට නායකත්වය ලබා දුන් අණදෙන නිලධාරි ලෙස

එමෙන්ම යුද්ධ හමුදාව තුළ දක්ෂ උපදේශකයකු ලෙස ප්‍රචලිත මෙතුමා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව පාඨමාලා භාර නිලධාරී, විධායක අධිකාරි ලෙසත් පසුව එම පාසලේම ප්‍රධාන උපදේශක හා අණදෙන නිලධාරි ලෙසත් ඉතා දක්ෂ හා යුද හමුදාවට අවැසි අනාගත නායකයන් පුහුණු කරමින් යුද්ධ හමුදාවේ මෙන්ම ශ්‍රී ලංකා මාතාවගේ අනාගතය සවිමත් කිරීමේ ඉතා වටිනා මෙන්ම විශිෂ්ට කාර්යභාරය ඉටු කරන ලදි. දැනුමෙන් පරිපූර්ණ ඉතා විශිෂ්ට අණදීමේ ශක්තියකින් හෙබි අවස්ථානුකූලව නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඇති ඉතා දක්ෂ නිලධාරියෙතු ලෙස එතුමා යුද්ධ හමුදාව තුළ ප්‍රචලිත වී ඇත. ඒ මහතාගේ නායකත්වය යටතේ විජයබාහු රෙජිමේන්තුව යුද්ධ හමුදාවේ ඉහළ තලයකට ඔසවා තබනු බව නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment