පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුධයක

300

ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ණය ආධාර ලබාදීම අත්හිටුවීම නිසා දැඩි මූල්‍ය අර්බුධයකට ලක්ව සිටින පාකිස්තාන රජයට ඉදිරි වසර 02 තුළ සිය ආර්ථිකය කඩාවැටීමකින් තොරව පවත්වාගෙන යාමට ඇමෙරිකානු ඩොලර් බිලියන 51.6ක විදේශාධාර අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත.ඒ අනුව 2021 /2022 වසර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 23.6ක් ද 2022/2023 වසර සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 28ක් විදේශාධාර අවශ්‍ය බව එම ඇස්තමේන්තුවට අනුව ගණනය කර ඇත.ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට පාකිස්තාන රජය මේවන විට වොෂින්ටන් නුවර පැවැත්වෙන සාකච්ඡුා වලින් බලාපොරොත්තුවේ.


advertistmentadvertistment