සහරාන්ගේ මස්සිනා ඇතුළු 30ක් දැලේ

85

කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී සහරාන් හසීම්ගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් තිස්දෙනකු පොලිසිය විසින් ඊයේ (1දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහරාන්ගේ සහෝදරියගේ සැමියා වන නිසාම් නම් පුද්ගලයෙකි.

නීති විරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

කාත්තන්කුඩි පොලිසිය පිරිස රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment