අගවිනිසුරුගේ හා නීතිපතිගේ ප්‍රකාශ: – මැ.කො.ස ෂුවර්ද සොයන්න ඕනෑ

201

කිරිඇල්ල කියයි

අගවිනිසුරු සහ නීතිපති මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ නිසා එම කොමිසම පිළිබඳව ඇති විශ්වාසය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද පැවසීය-

ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපතිතුමා ප්‍රකාශ කළා මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මින් ඉදිරියට පෙනී සිටින්නේ නෑ කියලා. ඒ වගේම අගවිනිසුරු කිව්වා මැතිවරණ පැවැත්වීමේ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමට කියලා. මේ විදිහට මැතිවරණ කොමිසම ගැන හැම පැත්තෙන්ම චෝදනා එනවා. කෙසේ හෝ මැතිවරණය තියන්න ඕනා කියලා තමයි ඒ හැමෝම කියන්නේ. මැතිවරණ කොමිසමට දේශපාලන ඇඟිලි ගැහීම් තිබෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයකුට ආණ්ඩුකාර පත්වීම් දුන්නා. එක්කෙනකුට උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයක් දුන්නා. මේ කොමිසමට හතර පැත්තකින්ම චෝදනා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් එනවා. ඒකයි මම මේ කියන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment