අධික ලෙස දුම්පානය නිසා රුධිර නාළ බිත්ති කඩතොළුවේ. එසේ කඩතොළු වූ බිත්ති මත කොලෙස්ටරෝල් තැන්පත් වීම භයානකය. එනිසා දුම්පානය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.
අප ආහාර ගනු ලබන්නේ නිරෝගීව දිගු කාලයක් ජීවත් වීම සඳහාය. නමුත් ගනු ලබන බොහෝ ආහාරවලින් සිදුවන්නේ අපගේ සිරුර රෝගී තත්ත්වයට පත්ව කෙටි කාලයකින් මරණයට පත්වීමය.
මෙම තත්ත්වය නිසා වර්තමානයේ තරුණ වියේ සිට බොහෝ දෙනා බෝ නොවන රෝගවලට (Non Communicable Diseases) ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටිති. ඒ අනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික බව, හෘදයාබාධ, අධික තරබාරුව ආදී රෝගවලට තරුණ වියේ සිටම ගොදුරු වී පීඩා විඳිති.
කොලෙස්ටරෝල් අධික බව
අපගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට කොලෙස්ටරෝල් අවශ්‍යය. එහිදී ශරීරයට හිතකර කොලෙස්ටරෝල් (HDL) වැඩි ප්‍රමාණයක් සිරුරේ පැවැතිය යුතුය. නමුත් ශරීරයට අහිත කර කොලෙස්ටරෝල් (LDL) වැඩි වුවහොත් ඉන් රුධිර නාළ අවහිර වේ. එනිසා එම කොලෙස්ටරෝල් ප්‍රමාණය 100 Mg/dl 100 වඩා අඩු මට්ටමක පැවැතිය යුතුය. එය 130-159 mg/dl වඩා වැඩි වුවහොත් සිරුරට අහිත කරයි.
අධිරුධිර පීඩනයට බලපාන හේතු
සිරුරේ පැවැතිය යුතු රුධිර පීඩනය වනුයේ 120 / 70 mm Hgය. කාන්තාවකගේ නම් එය 110/68 mm Hg මට්ටමක පැවැතීම නිරෝගී අගයකි. නමුත් වයස අවුරුදු 40 පමණ ඉක්මවන විට එය 140 / 90 මට්ටමක පැවැතිය හැකිය.
සිරුරේ අධික රුධිර පීඩනයට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ රුධිර නාළ තුළ කොලෙස්ටරෝල් බැඳීමය.
අධික ලෙස දුම්පානය නිසා රුධිර නාළ බිත්ති කඩතොළුවේ. එසේ කඩතොළු වූ බිත්ති මත කොලෙස්ටරෝල් තැන්පත් වීම භයානකය. එනිසා දුම්පානය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.
අධික තෙල් සහිත ආහාර ගැනීම, රසකාරක යෙදූ ක්ෂණික ආහාර ගැනීම, ව්‍යායාමවල නොයෙදීම, මානසික ආතතිය ද අධික රුධිර පීඩනය ඇති වීමට බලපායි.
රුධිර පීඩනය පාලනය
දේශීය ආයුර්වේදයේ සහ පාරම්පරික හෙළ වෙද කමෙහි අධික කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය සඳහා උසස් ගුණයෙන් යුතු ඖෂධ ඇත. නමුත් අප ඖෂධ ගැනීමට යොමු වීමට වඩා කළ යුත්තේ රෝගය ඇතිවීම පාලනය කර ගැනීමය. ඒ සඳහා දිනපතා ආහාරයට පලා වර්ග, කොළ පැහැති එළවළු වර්ග, කෙඳි සහිත ආහාර වර්ග, ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගත යුතුය.
දිනපතා පැය භාගයක්වත් හොඳින් ව්‍යායාම කළ යුතුය. එහිදී ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයකි.
වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0775109862 ඇමැතිය හැකිය.
සෙත්සුව ප්‍රාණජීව
ආයුර්වේද රෝහලේ
අධ්‍යක්ෂ රාජගිරිය දේශීය
වෛද්‍ය පීඨයේ උපාධිධාරි (BAMS)
වෛද්‍ය සුජීව විතානගේ