අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන්  ජනතාව අසරණ වෙති

236

කිරිපිටි – පාන්පිටි – බෙහෙත් – ගෑස් – භූමිතෙල්-් සිමෙන්ති

කිරිපිටි, පාන්පිටි, ඖෂධ, ගෑස්, සිමෙන්ති, ඉන්ධන හා භූමිතෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව තව තවත් ඉතා අන්ත අසරණභාවයට පත්ව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

මූලික අවශ්‍යතා සඳහාවත් ආණ්ඩුව විසඳුම් ලබා නොදීම කනගාටුදායක බව ද හෙතෙම කීය.

පාරිභෝගික අධිකාරිය සහල් සඳහා පාලන මිලක් පැනවුව ද බොහෝ වෙළෙඳුන් තමන්ට හිතෙන හිතෙන වැඩි මිල ගණන් යටතේ සහල් අලෙවි කරන බව ද ඒ මහතා කීය.

එපමණක් නොව අනෙකුත් භාණ්ඩ ද බොහෝ වෙළෙඳුන් ඉතා අධික මිල ගණන් යටතේ අලෙවි කරමින් සිටින බව ද වත්මන් පාරිභෝගික අධිකාරිය සිටිනුයේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට නොව වෙළෙඳුන් ආරක්ෂා කිරීමට බව ද ඒ මහතා කියා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment