අද තද සුළං

33

දිවයින හරහා හමනා නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට බලපෑම් ඇතිවිය හැකි බව ඊයේ (24දා) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 30-40ක් පමණ තරමක තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment