අද වැස්ස වැඩියි – කාලගුණය කියයි

373

තරමක වැසි වැඩිවීමක් අද (11 වැනිදා) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නිරත කාලගුණ විiාඥ මලිත් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවැසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවද හෙතෙම කීය.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

එසේම මන්නාරම, වව්නියාව, අනුරාධපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද හේ කීය.

ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment