නිදහස් උදාන පාපැදි සවාරි ජයග්‍රාහකයන්

52

විවෘත තරගයේ ජයග්‍රාහක ලක්ෂ්මන් විජේරත්න තමන්ට හිමි රුපියල් 150000 මුදලට අදාළ චෙක්පත, ශූරතා කුසලානය සහ සහතික පත්‍රය, ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්, මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු මහතාගේ සුරතින් ලබාගත් අයුරු සහ ජේ්‍යෂ්ඨ අංශයේ ජයග්‍රාහක ටෙරන්ස් කින්ස්ටන්, තමන්ට හිමි පාපැදිය ලබාගත් අයුරු සේයාරූ වලින් දැක්වෙයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, පසිදු විජේරත්න, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්, ශමින්ද ජයවර්ධන මහතා ඇතුළු කිහිපදෙනෙක්ද මෙහි වෙති.

කිලෝ මීටර 126.8 ක් දුරැති “නිදහස් උදාන ස්ටෑන්ඩර්ඩ්” පාපැදි සවාරියේ විවෘත තරගයේ ජයග්‍රහණය ලක්ෂ්මන් විජේරත්න, ජ්‍යෙෂ්ඨ තරගයේ ජයග්‍රහණය ටෙරන්ස් වින්ස්ටන් සහ කනිෂ්ඨ තරගයේ ජයග්‍රහණය ඉවාන් රූපසිංහ යන තරගකරුවන්ට හිමි විය.

නිදහස් උදාන පාපැදි සවාරි ජයග්‍රාහකයන්

ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය, හරින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව මෙම තරග පැවැත්විණි.

76 වැනි නිදහස් සමරු දින වත්තල දී පැවති අතර එම තරග සඳහා දිවයිනේ ප්‍රබල පාපැදි තරගකරුවන් දෙසියයකට වැඩි ප්‍රමාණයක් සහභාගී වූහ.

පාපැදි තරග ප්‍රතිඵල මෙසේය.

විවෘත ( වයස අවුරුදු 17ත් 50ත් අතර )

  1. ලක්ෂ්මන් විජේරත්න 2. එස්. පද්ම කුමාර 3. තරිඳු ලක්ෂිත 4. චන්දිමාල් ජයසිංහ 5. චරිදු මධූ 6. නවීන් පෙරේරා 7. නිසාන් විමුක්ති 8. දිල්ෂාන් ගමගේ 9. රන්දික පෙරේරා 10. අයි.ටී.කේ. දිසානායක 11. අමිල ලියනගේ 12. චාරුක ද සිල්වා 13. පසිදු ශෙහාන් 14. ප්‍රදීප් කුමාර 15. කැලුම් පීරිස් 16. බිනුර චානුක 17. රසික සුමින්ද 18. දේශාන් මාරපෙරුම 19. ඉරෝෂාන් ප්‍රදීප් 20. නිමන්ත දිසානායක

ජේ්‍යෂ්ඨ ( වයස අවුරුදු 50න් ඉහළ )

  1. ටෙරන්ස් කින්ස්ටන් 2. එස්. ටී. රෝහිත 3. සුසන්ත චන්දිමාල් 4. ඇන්තනී ඩයස් 5. දුමින්ද කුමාර

කනිෂ්ඨ ( වයස අවුරුදු 17 න් පහළ )

  1. ඉවාන් රූපසිංහ 2. ප්‍රවීන් සදෙව් 3. දහම් ආදිත්‍ය 4. කල්හාර නදුන්ප්‍රිය 5. රමේෂ් ජයනිදු

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment