අනුරපුර පොලොන්නරු ශ්‍රී විභූතිය ලොවට කියන්න – ඇමෙරිකාවේ එළිමහන් කෞතුකාගාරයක්

152

නිර්මාණකරුවා මුස්ලිම් ජාතික කලාකරුවෙක්

ජනතාවට ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ ඉදිකරන එළිමහන් කෞතුකාගාරය 18 වැනි දා සෙනසුරාදා උදෑසන 10.00ට යෙදෙන සුබ මොහොතින් විවෘත වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර හා මධ්‍යම ප්‍රාන්තයන් හි ප්‍රධාන සංඝ නායක පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ පුරෝගාමීත්වයෙන් ඉදිවන මෙම එළිමහන් කෞතුකාගාරය තුළ තැන්පත් කර ඇති ශෛලමය කලා නිර්මාණයන්හි නිර්මාණයකරුවා පිළිබඳ ඇත්තේ හරි අපූර්ව මනුෂ්‍යත්වයකි.

අනුරපුර පොලොන්නරු ශ්‍රී විභූතිය ලොවට කියන්න - ඇමෙරිකාවේ එළිමහන් කෞතුකාගාරයක්

උපතින් මුස්ලිම් ආගමකට උරුමකම් කියමින් ඉන්දුනීසියාවේ ජීවත්වන මේ කලාකරුවා භන්තේ දේවානන්ද හිමිපාණන්ට හමුවන්නේ උන්වහන්සේ, ධර්ම දූත සේවාවක් ලෙස ඉන්දුනීසියාවට වැඩම කළ අවස්ථාවකයි. උන්වහන්සේ කෙරෙහි හා බුදුදහම කෙරෙහි පැහැදුණු මේ මුස්ලිම් කලාකරුවාගේ පිවිතුරු දෑතින් නිමවෙන ශෛලමය බෞද්ධ කලා නිර්මාණයනට ඉතා සුවිශේෂීත්වයක් හිමිවන්නේ එලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment