අපනයන ආර්ථිකයක් තුළින් රට යහපත් තැනකට ගෙන යා හැකියි – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම

97

නිෂ්පාදන කේන්ද්‍රීය අපනයන ආර්ථිකයක් කරා රට ගමන් කළ යුතු යැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.

මේ හරහා වසර කිහිපයක් තුළ රට යහපත් ලෙස පරිවර්තනය කර ගත හැකි බව ද අලහප්පෙරුම මහතා කීවේය.

අපනයන ආර්ථිකයක් තුළින් රට යහපත් තැනකට ගෙන යා හැකියි - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම

ඔහු මේ බව සඳහන් කළේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ලැබ්ලින්ක් පුද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

අපගේ නිෂ්පාදන තරගකාරිත්වයක් සහිතව අපනයනය කිරීමට ඒවායේ ගුණත්වය සහ ප්‍රමිතිය ඉහළ නංවා ගත යුතුයි. රටේ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ව්‍යවසායකයින් බිහිකර ගත යුතු බවත් එසේ කිරීමෙන් මේ රට ගොඩදාගන්න පුළුවන් රටක් බවට පත්වනු ඇති බව ද වෛද්‍ය සාරංග අලහප්පෙරුම කීවේය.

මෙහිදී වරලත් ගණකාධිකාරී චාමින්ද කුමාරසිරි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමීර සමරකෝන් සහ ලැබ්ලින්ක් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තරංග රාජපක්ෂ යන මහත්වරුද කථා කළේය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම සහ ලැබ්ලින්ක් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තරංග රාජපක්ෂ යන මහත්වරු අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment