කොන්දොස්තරලා ඉතුරු සල්ලි ගිලිති

155

ඇතැම් පෞද්ගලික බස් රථ මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකරන බවත් තවත් බස් රථ ඉතිරි මුදල් ලබා නොදෙන බවටත් මගීහු චෝදනා කරති.

එපමණක් නොව නව බස් ගාස්තු සංශෝධන පත්‍රිකාව බස් රථ තුළ මගී ජනතාවට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවට බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය සියලු බස් රථ සේවකයන්ට දැනුම් දුන්නත් මෙතෙක් එය ඇතැම් බස් රථවල ප්‍රදර්ශනය නොකරන බවට මගීහු කියා සිටිති.

ඇතැම් බස් රථවල බස් කොන්දොස්තරවරුන් රුපියල් 4,5,10 ආදී ඉතිරි මුදල් ලබා නොදෙන බවද මගීහු කියා සිටිති. ඉතිරි මුදල් ලබානොදීම හේතුවෙන් ඇතැම් බස් රථ මගීන් හා කොන්දොස්තරවරුන් අතර ආරවුල් හටගෙන ඇතැයි ද වාර්තා වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment