අපි යන්නේ නෑ – ගම්මන්පිල හා වාසු කියති

222

අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට තිබෙන අවදානම ගනිමින් තමා ඇතුළු තිදෙනා අධිකරණ ක‍්‍රියාදාමයට යොමු වුවත් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට පැවසීය.

යුගදනවි බලාගාරයට අදාළව කැබිනට් මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ නැතැයි ද ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වූයේ නැතැයිද ඇමැතිවරයා සිහිපත් කළේය. සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැති එම කැබිනට් රැස්වීමේදී එවැනි පත‍්‍රිකාවක් සම්මත කර ගත්තේ නැතැයිද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පටිගත කළ එම කැබිනට් රැස්වීම දුටුවාම ඇත්ත නැත්ත තේරුම් ගත හැකියි. අපි රටටත්, ජනතාවටත් කිව්වේ ඇත්ත. ජනතාවටත් රටටත් අධිකරණයටත් ඇත්ත කිව්වේ. ජනාධිපතිවරයාට ඉවත් කරන්න පුළුවන් අවදානම අරගෙන ඒ අවදානම දරාගෙන තමයි අපි ඒ තීරණය ගත්තේ.

ඇමැති තනතුරට වඩා හෘද සාක්‍ෂියට අනුව රට රැුක ගැනීම වැදගත්. නමුත් ඇමැති තනතුරින් ඉල්ලා අස්වෙන්න අදහසක් නැතැයි ද උදය ගම්මන්පිල ඇමැතිවරයා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

වාසුත් යන්නේ නැතිලූ

යුගදනවි බලාගාරය ඇමරිකන් සමාගමට විකිණීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගත් ස්ථාවරයේ තවදුරටත් රැුඳී සිටිනමුත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතාද ‘දිවයින’ට කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment