දැරිය නොහැකි තරම් පිරිසක් යෑම කොත්මලේ බස් අනතුරට හේතුවක්
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ කැඳවුම්කරු
අපේ රටේ ජනතාව යන්නේ බස් රථවල නොව සීට් හයිකරපු ලොරි තට්ටුවල යැයි මාර්ග ආරක්ෂාව සහ ජීවිතාරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ කැඳවුම්කරු ආචාර්ය සංජය පෙරේරා මහතා පවසයි.
තමන් නිතරම මෙම කරුණ පෙන්වා දී තිබෙන බවත් අනතුරට පත් බස් රථයේ යා හැක්කේ 50 ක් පමණක් වුවත් එම අවස්ථාවේ එම බස් රථයේ 77ක් ගොස් ඇති බව හෙළිවී ඇති බවත් ඔහු කීය.
දැරිය හැකි පිරිසට වඩා වැඩි පිරිසක් ගමන් කිරීම නිසා ද බස් රථයේ ගුරුත්ව කේන්ද්‍රයට බලපෑමක් එල්ලවන බවත්, එසේ වූ විට බස් රථය අනතුරට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බවත් ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි අවධානය යොමුකර විසඳුම් සොයාගත යුතු බව ද ඒ මහතා තවදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා