ජීවිතය ආරක්‍ෂා කරගන්න පොලිසියට නියෝග කරන්න ගනේමුල්ලේ සංජීවගේ අම්මා පුතා වෙනුවෙන් උසාවි යයි

2037

මේ වනවිට රැඳවුම් නියෝග මත වීරගුල පොලිසියේ රඳවා ගෙන සිටින සිය පුත්‍රයාගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට වීරගුල පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ උතුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ මව ඊයේ (21) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

නීතීඥ දිනේෂ් ගෝඩාගම මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සම් සෙසු වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment