යාපනය සරසවියේ සිසුවියක් ගෙල වැලලාගෙන මරුට

52

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍යාවක් ඇගේ කිළිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි නිවසේදී 17 දා ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මෙම ශිෂ්‍යාව මීට දින දෙකකට පෙර යාපනයේ විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණීමෙන් පසුව ගෙල වැලලාගෙන තිබේ.

වසන්තකුමාර් දීලක්ෂියා නමැති විසි දෙහැවිරිදි මෙම විශ්වවිද්‍යාල සිසුවිය අධ්‍යාපනය ලබා ඇත්තේ කිළිනොච්චිය කෝනාවිල් මහා විද්‍යාලයෙනි.

මියගිය එම ශිෂ්‍යාවගේ සහෝදරයා පොලිසියට පවසා ඇත්තේ ඇයට මේ ආකාරයට මියයෑමට තරම් දැඩි මානසික කම්පනයක් තිබූ බවක් දැන නොසිටි බවයි.

ඇගේ සොහොයුරා නිවසට පැමිණෙන විට ඇය ගෙල වැලලාගෙන සිටිනු දැක වහාම ඇයව කිළිනොච්චිය රෝහලට රැගෙන ගොස් ඇතත් ඇයව රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

ගෙල වැලලාගෙන මියගිය සිසුවියගේ මෘත ශරීරය කිළිනොච්චිය රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තබා ඇති අතර කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment