අම්මාව නිදහස් කරන්න – අවුං සාන් සුකීගේ පුත්‍රයා මියන්මාර හමුදාවෙන් ඉල්ලයි

479

බලයෙන් පහ කරන ලද මියන්මාර නායිකා අවුං සාන් සුකීගේ බාල පුත්‍රයා, ඇය බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙස හමුදාවෙන් ඉල්ලීමක් කර තිබේ.

“මට බෑ මගේ අම්මට හිරේ ඉන්න දෙන්න,” කිම් ඒරිස් ලන්ඩනයේ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී බීබීසී බුරුම සේවය වෙත ප්‍රකාශ කළ අතර, ඇයට උපකාර කිරීමට වැඩි යමක් කරන්නැ යි ලෝකයෙන් ඉල්ලා සිටියේ ය.

2021 වසරේ සිදුවූ කුමන්ත්‍රණයකින් ඇගේ රජය පෙරළා දැමීමෙන් පසු පැවති නඩු විභාග මාලාවකින් සුකීට වසර 33ක සිර දඬුවමක් නියම විය.

එතැන් සිට මියන්මාරයේ තත්ත්වය දස දහස් ගණනකට මරු කැඳවූ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. බි්‍රතාන්‍ය ජාතිකයෙකු වන ඒරිස් පවසන්නේ, යුද්ධ හමුදාව තම මව හෝ ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නොමැති බව ය. ඔහු බුරුම තානාපති කාර්යාලය, බි්‍රතාන්‍ය විදේශ කාර්යාලය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත්, ඔවුන්ගෙන් කිසිවෙකුට ත් උපකාර කිරීමට නොහැකි වූ බව ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment