අයිස් ගසා පොලිසියේ යකා නැටූ කොස්තාපල් රිමාන්ඩ්

45

අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකොට පොලිසියේ කලහකාරීව හැසිරුන බව කියන කොස්තාපල්වරයකු අයිස් මිලිග්‍රෑම් 180ක් ද සන්තකයේ තිබියදී කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

පන්නල පොලිසියට අනියුක්තව රාජකාරි කරමින් සිටි අම්පාර පන්නල්ගම පදිංචි 21 හැවිරිදි ආධුනික කොස්තාපල්වරයකු ඉකුත් 31දා පන්නල පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව එසේ රක්‍ෂිත බන්ධනාගාරගත විය.

පන්නල පොලිසිය අධීකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර කොස්තාපල්වරයා අධික ලෙසින් අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවකු බවත් 30 වැනිදා සවස සැකකරු පොලිසිය තුළත් නේවාසික කාමර තුළත් අයිස් මතින් කලහකාරී අන්දමින් හැසිරී ඇති බවත්ය. තත්ත්වය පාලනය කිරීමට සැකකාර කොස්තාපල්වරයා පොලිස් සිරි මැදිරියේ රඳවා ගැනීමට පවා සිදුවූ බවත් පොලිසිය අධිකරණයේ කරුණු දක්වමින් පැවසීය.

පන්නල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක සරත් තිලකරත්න මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment