අර්බුද  මැද වුවත් අනුරාධපුර  සැදැහැවතුන්ගෙන් පිරී යයි

131

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (15 දා) අනුරාධපුර පිහිටි ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්, රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ගොස් තිබුණි.

පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් වසර තුනකට වැඩි කාලයක් වෙහෙර විහාරස්ථානවලට නොපැමිණ, තම නිවෙස්වල සිට ආගමික වතාවත්වල නිරත වීමට බැතිමතුන්ට සිදු වූ අතර වර්තමානයේ වසංගත රෝග තත්ත්වය අඩු වී යෑමත් සමග මෙවර වෙසක් පොහෝ දා සිද්ධස්ථානවලට මෙසේ බැතිමතුන් පැමිණ සිටියහ.

ඉන්ධන හිඟය සහ රටේ දැනට පවතින ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට අනුරාධපුර වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීමට වෙනදා පැමිණෙන බැතිමතුන් නොපැමිණීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි.

මිහින්තලේ – රංග චතූ


 

advertistmentadvertistment
advertistmentadvertistment