අරුණ දර්ශනට පහසු ජයග්‍රහණයක්

1

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් සොයා සටන් වැද සිටින අරුණ දර්ශන ඊයේ (27දා) පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් ප්‍රථම ස්ථානය තහවුරු කර ගත්තේය.

The 2nd Belt Road ආරාධිත මලල ක්‍රීඩා තරගාවලිය යටතේ පිරිමි මීටර් 400 මූලික වටයට අවතීර්ණ වෙමින් ඔහු එම ජයග්‍රහණය ලබා ගත්තේය.

මංතීරු අංක 04 යටතේ ධාවනයට එක්වූ අරුණ දර්ශන හමුවේ ප්‍රතිවාදී තරගකරුවන් 06 දෙනෙකු පරාජයට පත්වීම කැපී පෙනුණි.

නියමිත මීටර් 400 ක දුර ප්‍රමාණය සාර්ථක කර ගැනීම සඳහා තත්. 46.26 ක තරග නිමි කාලයක් සටහන් කිරීමට අරුණ දර්ශන සමත් විය.

මෙම තරග ඉසව්ව The 2nd Belt Road ආරාධිත මලල ක්‍රීඩා තරගාවලිය යටතේ චීනයේ දී පැවැත්විණි. මෙම ඉසව්වේ තීරණාත්මක අවසාන තරගය අද (28දා) සවස පැවැත්වීමට නියමිතය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment